IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමති පන්නිලගේ මන්ත්‍රීධූරයට එරෙහිව පෙත්සමක්

(මනෝ ප්‍රියසේකර)

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකොට ඇත.

මෙම පෙත්සම වග උත්තර කරුවන් වශයෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නලගේ මහතා පර්ලිමේන්තු මැතිවරණයට ‘‘තරග‘‘ කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කරමින් සිටියදීය තවද ඒ මහතා තවදුරටත් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරන බවද පෙත්සමේ සඳහන්ය.

පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යාවස්ථාපිත නීතියට අනුව පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමේදී සිය රාජකාරීවලින් ඉවත් විය යුතු වුවද එසේ කර නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සමෙ සඳහන් කර ඇත.

 



අදහස් (6)

ඇමති පන්නිලගේ මන්ත්‍රීධූරයට එරෙහිව පෙත්සමක්

පිටරැටියා Thursday, 19 December 2024 06:26 PM

ඇමරිකන් පුරවැසියෙක් වෙච්චි ගෝටා ජනාදිපතිකමට ඉල්ලුවෙත් පුරවැසිකම තියෙනකොට. ඒක අයින් කර උනේ කාලයක් ගියාට පස්සේ.?

:       56       58

ArunaThursday, 19 December 2024 08:58 PM

ඔයා මාලිමාවෙක්ද ගල් පැලෙන බොරැ කියන්නේ

:       0       0

රංවල බලකායFriday, 20 December 2024 09:58 AM

ගෝඨාභය යන පාරේ යන්න ජවිපේ බලේට ආවේ නෑ. අනුර ආවේ ඒවා වෙනස් කරන්න. ඔයා කියන්නේ සිත නිවන කතා. එහෙනම් ගෝඨාභය කරා කියලා රටත් බංකොලොත් කරපන් තව පාරක්...! 

:       2       4

ජනරළ Thursday, 19 December 2024 08:39 PM

මෙතෙක් කල් බලයේ සිටි අන්ත දුෂිත දේසපාලුවන් සහ ඔවුන්ගේ සහචරයන් හැකි සියලු උත්සාහයන් ගන්නවා මේ රජය පෙරලලා මෙතෙක් කලක් රට සුරගෙන කාපු කාලකන්නි යුගයට රට ආයෙත් ඇදගෙන යන්න.

:       3       6

Chandanie Thursday, 19 December 2024 08:55 PM

උනුත් එකයි කිව්වා මුනුත් එකයි කිව්වා දැන් බැලුවම හැම එකාගෙම කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවානේ

:       2       5

Asela Thursday, 19 December 2024 09:14 PM

එහෙම නීතියක් තියනවානම් ඒ මෝඩ නිතිය වෙනස් කරන්න , වෙනත් වෘත්තීයක් කරනවානම් එකෙන් මාසික චේතනයක් ලැබෙනවා. එතකොට ඇමැතිකම් අරන් කොමිස් ගහලා හොරකන් කරන්න ඕනේ නැහැ අනික පාර්ලිමේන්තු සැසිවාර හැමදාමත් නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site