(සිරිපුර මදුශානි අබේසිංහ)
අරලගංවිල පිඹුරත්තෑව ඇතුළු අවට ගම්මාන රැසකට බලපා ඇති,වන අලි තර්ජනයට විසදුමක් ලබා දෙන ලෙසට බල කරමින්, පිඹුරත්තෑව අවට ගම්වාසීහු පිරිසක් අඛන්ඩ විරෝධතාවයක නිරත වෙති.
වසර ගණනාවක සිට ගම්මාන කිහිපයක් ආවරණය වන පරිදි, කිලෝමීටර් දහතුන හමාරක් පමණ දුරට ඉදිකර ඇති විදුලි වැට මේ වන විට අක්‍රීය වී ඇති අතර, ඒ හේතුවෙන් ගම්මානයට ගම් වැදී සිටින වන අලි මාදුරුඔය ජාතික වනෝද්‍යානයට පලවා හැරීමට කටයුතු කරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.
පොළොන්නරුව මාදුරුඔය ප්‍රධාන මාර්ගයේ පිඹුරැත්තෑව ප්‍රදේශයේ අට්ටාලයක් ඉදිකරමින් අලුත්ඔය අරලගංවිල පිඹුරත්තෑව ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල දරුවන් පිරිසක් මෙම අඛණ්ඩ විරෝධතාවයේ නිරත වී සිටිති.
ප්‍රදේශයේ පවතින අක්‍රිය විදුලි වැට විධිමත් ලෙස ඉදිකර දෙන ලෙසත් වන අලි ගැටලුවට විසදුම් ලබාදෙන ලෙසත්,මේ වසරේ මැයි මාසේ 13 වෙනිදා විරෝධතාවයක් සිදු කිරීමෙන් අනතුරුව දින දෙකකට පසු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම ඊට අදාළ බලධාරීන් පැමිණ ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදු කළ ද, තවමත් වන අලි ගැටලුවට කිසිදු පිළීයමක් ගෙන නොමැති බව,මෙම අඛන්ඩ විරෝධතාවයේ නිරතවන අලි වැට කමිටු ස්වේච්ඡා සංවිධානයේ නියෝජිතයකු වන එස්.එම් මනෝජ් ප්‍රසන්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අලි ගැටළුවට විසැඳුම් ඉල්ලා ගම්වාසීහු උපවාසයකට