
(අංජුල මහික වීරරත්න)
මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය නිසි පියවර ගැනීමට නිලධාරීන්ට අවකාශය ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර පැවසීය.
කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිරසාර විසඳුමක් ලබන වසරේදී සකස් කර අවසන් කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර සඳහන් කළේය.
කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ තාවකාලික විසඳුමක් වශයෙන් ඇළවේලි, ගංඟා හා කාණු පද්ධති පිරිසිදු කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙටි කාලීන විසඳුම් ඔස්සේ ගංවතුර පාලනය සඳහා පිළිතුරක් නොලැබෙන බවත්, ස්වභාවික ආපදා තත්ත්වයන් මානවයාට පාලනය කළ නොහැකි බැවින් ඒවාට මුහුණ දීම සඳහා වූ ස්ථිරසාර විසඳුම් සොයාගැනීමේ වගකීම ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නිලධාරීන් හා ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කරගත යුතු යැයිද ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මහජනතාවගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු යැයිස නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව අද (19ද) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොලොන්නාවේ ගංවතුරට ලබන වසරේ ස්ථිර විසඳුමක්