
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මහවැලි බි කලාපයේ මැණිකේ ඇළ ස්ථාන පහකින් ගංවතුරට කැඩීගොස් එම ඇළේ ජලය පිටාර ගැලීමෙන් තම කුඹුරු බිම් තුන්වන වරටත් ගංවතුරෙන් සහ වැලිවලින් යටවීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල පැළැටියාව ගොවීහු පවසති.
ගංවතුර ගලා වැලිවලින් යටවීම හේතුවෙන් පැලටියාව 17 ඇළ ප්‍රදේශයේ කුඹුරු අක්කර සීයක් පමණ සම්පූර්ණයෙන් වැලිවලින් යටව මාසයක් පමණ වයසැති පැළ ගොයම විනාශ වී ඇති බව ප්‍රදේශයේ ගොවීහු කියති.
තම කුඹුරු බිම්වල පිරී පවතින වැලි ගෙවතුවලට ඇද ගන්නා ලෙසට රජය අවසර දුන්නද, එම වැලි කුඹුරෙන් ගෙවතු කරා ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වී ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලවල පැවැති ගංවතුරට කුඹුරු කරා යන මාර්ග සම්පූර්ණයෙන් කැඩී විනාශ වී යාම බවද ගොවීන් පිරිසක් සඳහන් කළහ.
පැළෑටියාව මැණිකේ ඇළ තුළ කුඹුක් ගස් විශාල වශයෙන් වැවී තිබෙන අතර, පසුගිය ගංවතුරට එම කුඹුක් ගස් කඩා වැටී ඇළ හරහා වැටි තිබෙන බවත්, මේ හේතුවෙන් අරලගංවිල ප්‍රදේශයේ සිට පැමිණෙන ජලකඳ හරස් වී මැණිකේ ඇළ ප්‍රදේශයෙන් පිටාර ගලන නිසා තමන්ගේ කුඹුරු බිම් නිරන්තරයෙන්ම ජලයෙන් යටවන බවද ගොවීහු පෙන්වා දුන්හ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණිකේ ඇළ කැඩී ගොවීන් අමාරුවේ
Nilame Thursday, 19 December 2024 04:29 PM
ඕවා ඔහොම තමයි, අපේ මැණිකෙගේත් ඇළ කඩෙනවා මාසෙකට වරක්...