
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මහවැලි බි කලාපයේ මැණිකේ ඇළ ස්ථාන පහකින් ගංවතුරට කැඩීගොස් එම ඇළේ ජලය පිටාර ගැලීමෙන් තම කුඹුරු බිම් තුන්වන වරටත් ගංවතුරෙන් සහ වැලිවලින් යටවීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල පැළැටියාව ගොවීහු පවසති.
ගංවතුර ගලා වැලිවලින් යටවීම හේතුවෙන් පැලටියාව 17 ඇළ ප්‍රදේශයේ කුඹුරු අක්කර සීයක් පමණ සම්පූර්ණයෙන් වැලිවලින් යටව මාසයක් පමණ වයසැති පැළ ගොයම විනාශ වී ඇති බව ප්‍රදේශයේ ගොවීහු කියති.
තම කුඹුරු බිම්වල පිරී පවතින වැලි ගෙවතුවලට ඇද ගන්නා ලෙසට රජය අවසර දුන්නද, එම වැලි කුඹුරෙන් ගෙවතු කරා ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වී ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලවල පැවැති ගංවතුරට කුඹුරු කරා යන මාර්ග සම්පූර්ණයෙන් කැඩී විනාශ වී යාම බවද ගොවීන් පිරිසක් සඳහන් කළහ.
පැළෑටියාව මැණිකේ ඇළ තුළ කුඹුක් ගස් විශාල වශයෙන් වැවී තිබෙන අතර, පසුගිය ගංවතුරට එම කුඹුක් ගස් කඩා වැටී ඇළ හරහා වැටි තිබෙන බවත්, මේ හේතුවෙන් අරලගංවිල ප්‍රදේශයේ සිට පැමිණෙන ජලකඳ හරස් වී මැණිකේ ඇළ ප්‍රදේශයෙන් පිටාර ගලන නිසා තමන්ගේ කුඹුරු බිම් නිරන්තරයෙන්ම ජලයෙන් යටවන බවද ගොවීහු පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔහොම තමයි, අපේ මැණිකෙගේත් ඇළ කඩෙනවා මාසෙකට වරක්...