IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රෝයල් පාක් සිද්ධිය ජූඩි ගැන තොරතුරු හොයනවා

(මනෝ ප්‍රිය ගුණසේකර)

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව රටින් පළා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා මේ වන විට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19)දැනුම් දුන්නේය.

එම වරදකරුට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා මේ බව දන්වා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලීණ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් රජයේ නීතීඥවරයා සදහන් කළේ මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බවය.

එසේම ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද එහිදී සඳහන් කෙරිණ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළේය.

 



අදහස් (3)

රෝයල් පාක් සිද්ධිය ජූඩි ගැන තොරතුරු හොයනවා

sam Friday, 20 December 2024 06:49 AM

වහාම හිටපු ජනාධිපති හිටන් හුටන් සහ අර හොර චීවර ධාරියා අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළා නම්. අල්ලගන්න පුළුවන්.

:       0       2

ලසන්ත Friday, 20 December 2024 09:46 AM

ඇයි එතකොට අතන මෙතන රතන, පොලොන්නරුවේ ගොවියා ගැන එහෙම හොයන්නේ නැතෙයි...

:       0       4

Toni Saturday, 21 December 2024 04:07 AM

ජූඩි, අතන මෙතන ඇති... ඒ රටේ කවදාවත් ලොකු අයව කුදලාගෙන ගිහින් අහන්නේ නෑනේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site