
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථා පාලන අධිකාරිය ගෙන ඇති අත්තනෝමතික තීරණයක් හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක මෙන්ම ලංගම ඩිපෝවල අද (19) ඉන්ධන නොමැතිවීම බවත් මෙය යළි ඉන්ධන පෝලිම් ඇතිකිරිමේ කුමන්ත්‍රණයක් යැයි ද සැකයක් මතුවන බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.
සංස්ථාව හදුන්වා දී ඇති නව ක්‍රමවේදය අනුව මාර්ගස්ථ ක්‍රමවේදයෙන් ඉන්ධන ඇනවුම කිරීමට පෙර දින මුදල් තැන්පත් කල යුතු වුවද එසේ තැන්පත් කරන මුදල් බැංකු බොහෝමයක රාත්‍රි කාලයේදි ගිණුම්ගත නොවන බවත් පෙරවරු 6.00 පමණ වන විට ඇනවුම් සකස් නොවිම මත අද දින සයිනොපෙක් සහ අරේ.එම්. පාර්ක් ආයතන සතු පිරවුම්හල් බොහෝමයක ඉන්ධන ඇනවුම ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ සඳහන් කරති.
නව පාලක අධිකාරිය සේවක අතිකාල දීමනා සිමාකිරිමට මෙම ක්‍රියාවලිය හදුන්වා දුන්නද එම පරමාර්ථ ඉටු වී නොමැති බව වාර්තා වන බව ද ඉන්ධන බෙදුම්කරුවෝ සඳහන් සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd