
(අංජුල මහික වීරරත්න)
පසුගිය මාසයේ ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් හානි වූ කුඹුරු වලට වන්දි ගෙවීමට අදාල හානි තක්සේරු කිරීම ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
අම්පාර, මඩකලපුව, මුලතිව්, ත්‍රිකුණාමලය, වවුනියා, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාවන් මේ වන විට සිදු වෙමින් පවතින බවත් මේ වන විට ගංවතුරෙන් සිදු වූ හානි පරීක්ෂාවට කණ්ඩායම් 12ක් යොදවා ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරීක්ෂාවන් අවසන් අදියරේ පවතින බවත් ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
දැනට ගොවින් 93,165 ගේ වගා හානි වී බවට හඳුනාගෙන තිබෙන්නේ යැයිද හානි වී ඇති වගා බිම් අක්කර ප්‍රමාණය 176,097.12 ක් බවද සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd