(මනෝ ප්‍රිය ගුණසේකර)
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර තොරතුරු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂකවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19) බාර දුන්නාය.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රය සඳහා වන විභාගය නැවත පවත්වන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් වරයාට නියම කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් කැඳවනු ලැබූ මීට පෙර අවස්ථාවේදීකළ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලි මහත්මිය අදාළ භික්ෂුම කැදවුම් ලැබූ අවස්ථාවේදී අදාළ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදුන්නනාය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ , කුමුදුනී වික්‍රමසිංහ, සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් පිරිසකගේ මවුපියන් විසින් ගොනුකර ඇති පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.
පෙත්සම මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබූ අවස්ථාවේදී විශ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් අද පෙරවරු 9.00 පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබූ අතර පෙත්සම අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළා සවිස්තර වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතු මාලි මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළාය.
අදාළ වාර්තාව භාරගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් සම්බන්ධ තීන්දුව ලබනතිස්එක් වෙනදා ප්‍රකාශයට පත්කරන දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමේ වාර්තාව අධිකරණයට
අමල් Thursday, 19 December 2024 06:14 PM
මාලිමාවේ හිටපු කතානායක අශෝක රන්වලව ඉහලින්ම පාස් කරන්න හිතාගෙන, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර කලින් පිටකලාවද්ද ?
Rohana Thursday, 19 December 2024 09:20 PM
ලංකාවෙ ඉන්න හොර යක්කු කරන වැඩවලින් දෙමව්පියනුත් දරුවනුත් පොලිස් නිලධාරිනුත් කරදරයකට පැටලෙව්වා.
Hiran sumudu Friday, 20 December 2024 08:26 AM
විභාගය පිට කරන්න අනියම් ආකාරයෙන් සහය දීලා ප්‍රශ්නෙන් පිට පනින්න හදපු කොමසාරිස්, පිටතට ගෙනගිය අධක්ෂක ප්‍රශ්න ලබාදුන් හොර ගුරා. මොවුන්ට ලබාදෙන දඬුවම කුමක්ද?