
(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල )
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද ( 19 ) දහවල් ඇතිවු ගැටුමකදී උල් ආයුධයකින් ඇනීමෙන් රැඳවියන් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
මෙහිදී තුවාල ලබා ඇත්තේ පසුගියදා මීටියාගොඩ ප්‍රදේශයේ නිවසකදී පියෙකුට සහ දියණියකට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකි.
එක් අයෙකුගේ කකුලට සහ අනිත් සැකකරුගේ බෙල්ල ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත.
තුවාලකරුවන් බූස්ස බන්ධනාගාර රෝහලට ඇතුලුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd