IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


සිරියාව ලෝකයට තර්ජනයක් නෑ

සිරියාවෙන් අසල්වැසි රටවලට හෝ බටහිර රටවලට හෝ කිසිදු තර්ජනයක් නොමැති බව, එරට විපක්ෂයට සහාය දක්වමින් රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායකයා වන අහ්මද් අල් ෂාරා අවධාරණය කර ඇත.

අහ්මද් අල් ෂාරා මේ බව අවධාරණය කළේ බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. අහ්මද් අල් ෂාරා සැලකෙන්නේ, සිරියාවේ නිල නොවන නායකයා ලෙසය. ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි.

“සිරියාව දශකයකට වැඩි කාලවක් තිස්සේ සිවිල් යුද්ධයකින් බැට කෑවා. රට මේ වනවිට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ලොකු කඩා වැටීමකට ලක් වී තිබෙනවා. අප කවුරුත් ඉන්නේ යුද්ධයෙන් හෙම්බත් වෙලා. මම සහතික වෙනවා, සිරියාවේ අසල්වැසියන්ට, විශේෂයෙන් ඊශ්‍රායලයටත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලටත් සිරියාවෙන් කිසිදු තර්ජනයක් එල්ල වන්නේ නැහැ.” යැයි අහ්මද් අල් ෂාරා පැහැදිලි කළේය.

‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සන්නද්ධ කණ්ඩායම, සිරියානු සිවිල් යුද්ධය ආරම්භයේ දී, ‘අල් නුස්රා’ යන නමින් පෙනී සිටියේය. ‘අල් නුස්රා’ යනු ‘අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානයේ ශාඛාවකි.

“මා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ජාත්‍යන්තරය අප ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව අපට සම්බාධක පැනැවීමක් ද සිදු කර තිබෙනවා. මෙය අපගේ කටයුතුවලට බාධාවක්. හැකි ඉක්මනින් අපට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි මම ඉල්ලීමක් කරනවා” යැයි ද සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේ අහ්මද් අල් ෂාරා ඉල්ලීමක්  කළේය.



අදහස් (0)

සිරියාව ලෝකයට තර්ජනයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16954 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site