
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොලේ වර්තමාන වර්ධනයට රට තුළ පවතින අඩු පොලී අනුපාත ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දේශීය ආයෝජකයන් ස්ථාවර තැන්පත් වැනි ආයෝජනවලින් බැහැර වී කොටස් වෙලෙඳපොලට මාරු වන බවත් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය.
ආර්ථික වශයෙන් රට නිවැරදි මාර්ගයකට හැරීම, ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය, රට ආර්ථික සහ දේශපාලන වශයෙන් යම්කිසි ස්ථාවරත්වයක් ඇති වීම නිසා ආයෝජකයන් තුළ විශ්වාසයක් ගොඩනැගීම වැනි සාධක ද මෙම වර්ධනයට හේතු වී ඇති බව ද රජීව බණ්ඩාරනායක මහතා කීය.
ද්විතීක වෙළෙඳපොලේ කටයුතුවලින් රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් නොමැති වුවද ප්‍රාථමික වෙළෙඳපොල ගණුදෙනුවලින් ප්‍රාග්ධන සම්පත් ඉහළ යන නිසා එම වෙළෙඳපොලේ ගණුදෙනු වඩාත් වැඳගත් බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිය අඩු වීම කොටස් හුවමාරුවේ වර්ධනයට හේතුවයි
Kumar Wednesday, 18 December 2024 10:23 PM
ලෝකයේ පොහොසත් රටවල පොලී අනුපාතය අඩුවෙන්නේ උද්දමනය අඩුවෙන් අවස්ථාවල පමණයි. ලංකාවේ අලුත් ක්‍රම සොයාගන්න වෙයි.
Lalla Thursday, 19 December 2024 12:04 AM
කොටස් වෙළඳපලේ මහ අය ටික දෙනෙක් විසින් සුළු පරිමාණ කොටස් හිමියන් කොල්ලකන බව පේනවා. ඒ නිසාම තරුණ පරපුර ඕක ගැන ආසාවක් නෑ. ඒක හොඳ තත්ත්වයක්... 1 නොවේ.