(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)
කැබිති ගොල්ලෑව හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ පාළු ගෙවත්තක් හරහා අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී සිටි මුණුපුරා බේරා ගැනීමට ගිය හැත්තෑ දෙහැවිරිදි සියා මියගොස් මුනුපුරා විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හේරත් හල්මිල්ලෑව ගමේ පදිංචිව සිටි බණ්ඩාගේ විජේරත්න නමැති සිව් දරු පියකි. ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සෙබළකු ලෙස කටයුතු කළ අයෙකි.
විදුලිය සැර වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන හෂාන් සඳකැළුම් නමැති දාහත් හැවිරිදි මුනුබුරා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවකු බවද පොලිසිය සඳහන් කළේය.
විදුලිය සැරවැදීමෙන් බරපතල තත්ත්වයේ පසුවන හෂාන් සඳකැලුම් නමැති අය ඔහුගේ නිවස ආසන්නයේ ඇති අනාරක්ෂිත ළිඳකට දිය නෑමට ගොස් සිටියදී ඒ අසලින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇද වැටී කෑගසන ශබ්දය ඇසී, ඔහුගේ සීයා වන මරණකරු එම ස්ථානයට දිව යෑමේදී ඔහුද එම අනවසර විදුලි රැහැනේ පැටලීමෙන් මෙලෙස මරණයට පත් වූ බව, එම අවස්ථාවේ එතැනට දිවගිය අසල්වාසීන් අප සමඟ පැවසූහ.
පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අනවසර වයරයේ පැටලුණු මුනුපුරා බේරා ගැනීමට ගිය සීයා අවසන් ගමන් යයි