
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන කෙනෙක් පැවසී යැයි වෙළෙඳ වාණිජ, ආහාර සුරක්‍ෂතා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මෙසේද කීය.
අම්මට තාත්තට තම දරුවාට පොතක් පැන්සලක් අරගෙන දෙන්න බැරි තරමට ආර්ථිකය වට්ටලා තියෙනවා.දරුවන්ට ඉගෙන ගන්න පසුබිම ඇහිරූ අය අධ්‍යාපනය ගැන කතා කරන්නට පටන්ගෙන තිබෙනවා.නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම ඉල්ලන්නේ නැති දැයි සමහරු අහනවා.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කතා කොට ඔහුට කළ මරණ තර්ජන ගැන අපට පැවසුවා.නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබපු කෙනෙක් අප සමග කිව්වා.ඒ පරීක්ෂණය පටන් ගත්තාම ඕන වෙලාවක ලංකාවට එන්න ඔහු සූදානමින් ඉන්නවා.මොහු නීතිඥයෙක් වෙන්න රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළා.තාත්තා ජනාධිපති වීම නිසා මේ දේශපාලන බලය පාවිච්චි කළා. ඊට පසුව අපරාධ විද්‍යාව ගැන පශ්චාත් උපාධිය කරන්නත් 2011 වසරේ ආවලු.ප්‍රථම උපාධියක් නැති නිසා පශ්චාත් උපාධිය හදාරන්න දීලා නෑ. ඊට පසුව ඒ මහාචාර්යවරයෙක්ට එකල උප කුලපති තර්ජනය කර තිබෙනවා.මේ අය නම් ඉස්සරහට කෑලි දාගන්න හැදුවේ ඔහොමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කියව කියව ඉන්නේ නැතුව බලය තියෙන වෙලාවේ ඕක ඔප්පු කරලා නීතිඥකම ගලවලා දාන්නකෝ. ඇමති කෙනෙක් වශයෙන් ගමේ පුරුද්දට ඕපාදූප කියවන්නේ නැතුව. වැඩේ හරියට කලොත් නාමල්ගේ ඡන්ද ටිකත් තමුන්ට ලැබෙයි.
හරි ඉතින් සන්දර්ශන තියන්නේ නැතුව කයිවාරු ගහපු විදියට අදාළ නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න. අර ෆයිල් තියෙනවා මේ ෆයිල් තියෙනවා කියල තවදුරටත් බොරු කර කර රට්ටු හිනස්සන්නේ නැතුව.
නාමල් එංගලන්තයේදී බැරි - ස්ටාර් විභාගයට ලියලා ඉහලින් සමත් වෙලා මහ රැජින ඉස්සර දිවූරුම් දුන්නා කියලා වසන්ත දන්නේ නැතුව ඇති. ඒ නිසා නාමල් හාමුට විරුද්ධව ද්වේශ සහගත සිතින් බොරු කියන්නේ
හොර පෙරකදෝරුවා කියලා ඒ කාලේ ඉඳලම ප්‍රසිද්ධ වෙලා හිටියේ?
ඔයාට වඩා නාමල්ට හොඳ ඉගෙනීමක් තියෙනවා.
තවම පච විදීම කරනවා.
අදාල නෑනේ සුදූ. ඕවා දැන් අවුරුදු ගාණක ඉදන් කිය කිය හිටියාට උසාවියක් නඩුවක්වත් ෆයිල් කරලා නෑනේ ඔයගොල්ලෝ. අනික මේ පාර මිනිස්සු ඡන්දෙන් ඔයගොල්ලන්ව පත් කලේ උන් හොරු කියලා ඔයාලා කියපුවා විශ්වාස කරලා. ඒ වගේම ඔයාලම කිව්වනේ ඔයාලා නම් හොර බොරු වංචා කරලත් නෑ. කරන්නෙත් නෑ කියලා. දැන් නිකම් බොරුවට කෑගහන්න එපා. අරූ එහෙමයි, මූ මෙහෙමයි කියලා. බලනකොට උබලාත් එහෙමම තමයි.
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .අවිධිමත් ලෙස විභාගය කලානම් උපාධිය අහෝසි කල යුතුයි
මෙතුමා වැඩ කරන්නේ නැතිව බොරුවට කා කෝ ගහනවා. පළමුවෙන්ම තමන්ගෙන් රටට දෙයක් කරන්න.
ඔයා ආවාට පස්සේ බඩුමිල හොඳටම වැඩියි.