
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
25 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට සංගීත විශාරදවරයෙක් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.
දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඉකුත් මස 23 වෙනි දින කරන ලද පැමිණිල්ලක් නුගේගොඩ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යාංශය වෙත යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර ඇත.
පැමිණිලිකාර තරුණිය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය වාර්තාවේ විශේෂ කරුණු යටතේ සඳහන් කර ඇත්තේ " සිදුවූවා යැයි කියනු ලබන සිද්ධිය බැහැර කළ නොහැකි බවත් මානසික විශේෂඥ මතය අනුව පැමිණිලිකාරියට සාමාන්‍ය තත්ත්වයට හැඩ ගැසීමට ( පෙර සිටි තත්ත්වයට) හා ක්‍රියා කිරීමට මෙම සිද්ධියෙන් ඇතිවූ මානසික තත්ත්වය මත අපහසුතාවයට පත්ව ඇත යන්නයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලා කාරයන්ගෙ කොහොමත් රාගය(රාග තාල නොවේ) අධිකයි.විශාරදයන්ගෙ ඊටත් වඩා වැඩියි!!!!!