IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මන්ත්‍රී අර්ජුන්ට එරෙහි පෙත්සම ලබන වසරේ විභාගයට

(රන්ජන් කටුගම්පොල)

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා  අභියාචනාධිකරණය හමුවේ ගොනුකොට කළ පෙත්සම ලබන වර්ෂයේ ජනවාරි 15 වන දින සලකා බැලීමට අද දින නියම කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන රාමනාදන් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන රාමනාදෙන් මහතා පාර්ලිමේන්තුවට තරග කිරීමේදී රජයේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යාවස්ථාපිත නීතීන් අනුව පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමේදී සිය රාජකාරීවලින් ඉවත් විය යුතු වුවත් එසේ කර නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සමෙ සඳහන් කර ඇත.

 

 



අදහස් (0)

මන්ත්‍රී අර්ජුන්ට එරෙහි පෙත්සම ලබන වසරේ විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site