
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ඉකුත් මාස එකොළහේදී මහජන මුදලින් රුපියල් මිලියන 1488ක වැය බරක් දරා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද කීය.
දේශපාලකයන්ගේ කටයුතු වලට මහජන මුදල් අසීමිත ලෙස වියදම් කිරීම මහජන අප්‍රසාදයට හේතු වුණා. ඒ නිසා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අප කටයුතු කළා.
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම ගැන ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා.
ජනපති හිමිකම් පනත අනුව ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන ලෙස කියා තිබෙනවා.කොපමණ ආරක්ෂාවක් දිය යුතු යැයි එයින් කියා නැහැ.ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි කියන්නේ මොන පදනම මතද?
අප කිසිවිටක මතුපිටින් පෙනෙන දේ පදනම් කරගෙන තීරණ ගන්නේ නැහැ. හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජන පිළිබඳ සැලකීමට ලක් කොට ආරක්ෂාව දෙන ලෙස චිත්‍රසිරි කමිටුව විසින්ද දැනුම් දී තිබෙනවා.
මෙය හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමක් නොව නිසි ඇගයීමකින් පසු අතිරික්ත පිරිස ඉවත් කිරීමයි. මෙය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන කළ දෙයක් නොවේ.
පොලිසියේ 60ක් හා ත්‍රිවිධ හමුදාවේ 228ක් මහින්ද රාජපක්ෂ මහතාට සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ හමුදාවේ 228ක්. ඒ අය මොනවද කරන්නේ. සේවා මුර මාරු වෙවී කාලය කාදමනවා හැර. අනික ඔවුන්ට ආහාර, ප්‍රවාහන සේවය පැරදුනාට පසුවත් මහජන මුදල් කාදමන මොවුන්ට ඔය කියන තරමට ආරක්ෂාව ඕන නම් හොඳම දේ එක ආරක්ෂිත කඳවුරක් හදලා හිටිය කට්ටිය ඔක්කොම ඒකට කොටු කරන එක.
ඇත්තටම ඔයාලට ආරක්ෂාව සපයන්න CID එක පොලිසිය, හමුදා ඔත්තු සේවා ලංකාවේ තියෙනවා. මෙයාලට ආරක්ෂාවට 10ක් හිටියාම හොදටම ඇති. ඕන නම් ලේකම් කෙනෙක් දෙනවා. නැතුව 200-300, 500 ගණන් හිටියම ආරක්ෂාවට අදාළ තොරතුරුත් පිටතට යන්න පුළුවන්.. නිවාඩු අරං මාරුවෙන් මාරුවට වැඩ කරන්න 10ක් හිටියාම වැඩිත් එක්ක.
ඉතාමත්ම හොද තීරණයක් , පොලිස් කොස්තාපල් දෙදෙනෙකු, හැර කිසිම වියදමක් මෙයාලගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න එපා.
ආරක්ෂක තත්ත්වය අනුව තමයි කොච්චර ආරක්ෂාවක් ඕනද කියල තීරණය කරන්න ඕන. සමහර අය ඉන්නවා වේවැලක් දීලා විශ්‍රාම ගිය ග්‍රාමාරක්ෂක බටයෙක් ඇති. නම් කිව්වොත් දාන එකක් නැහැ.