
(ජනූර් කිචිලාන්)
චීන රජයේ ආධාර මත 1970 දශකයේ වී අලෙවි මණ්ඩලය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙටිට්‍රික් ටොන් 14000 ක් ගබඩා කල හැකි ආසියාවේ විශාලතම වී ගබඩා සංකීර්ණය මේ වන විට කැලයෙන් යටවි කෝටි ගණනක දේපල විනාශ වෙමින් පවතින බව ප‍්‍රදේශවාසිහු පවසති.
ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ ඇහැටුවැව ගොජරාගම ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම වී ගබඩා සංකීර්ණය එවකට මෙරට අගමැතිනිය වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් විවෘත කර ඇත.
අක්කර 5 ක පමණ භූමි ප‍්‍රමාණයක පිහිටා ඇති මෙම වී ගබඩා සංකීර්ණය තුළ අඩි 80 ක් පමණ උසකින් සහ විෂ්කම්භය අඩි 30 ක් පමණ වූ විශාල සිලින්ඩරාකාර බහාලූම් 14ක් ද අඩි 30ක් පමණ උසකින් සහ විෂ්කම්භය අඩි 10ක් පමණ වූ කුඩා සිලින්ඩරාකාර බහාලූම් 9ක් ද වී තැම්බීම සහ වී කෙටීමේ යන්ත‍්‍ර සහ සහල් ගබඩා කිරීම සදහා ගොඩනැගිල්ලක්ද, නේවාසිකාගාරයක් ද, වී ගබඩාව පවත්වාගෙන යාම සදහා කාර්යාල ගොඩනැගිල්ලක් මෙන්ම උක්ත බහාලූම් වල ගබඩා කිරීමට නොහැකි වී ගබඩා කිරීම සදහා අඩි 60 ක පමණ දිගකින් යුත් තහඩු වලින් නිම කරන ලද ගොඩනැගිල්ලක්ද මෙම සංකීර්ණය තුල පවතී.

;
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර දෙපාර්තමේන්තුවට හෝ එම ප්‍රදේශයේ ගොවීන්ගේ සංවිධානයකට පැවරීමක් කර මූලික පිරිවැයක් රජයෙන් ලබා දී සංවර්ධනය කලොත් තියෙනවා කියන හාල් ඒකාධිකාරයට තරගයක් දෙන්න පුලුවන් වේවි.
මේවට තමයි වත්ත බද්දට දී පොලොන්නරුවට දත නියවනවා කියන්නේ. 70 කාලේ හාල් සේරුවට සමූපකාරේ පෝලිමේ ඉන්න දණිස් පණ නැති වුණ ජාතියක නෂ්ඨාවශේෂ තමයි මේ...
සපුගස්කන්දේ තියනවා යූරියා පොහොර හදන්න පුළුවන් කර්මාන්ත ශාලාවක්. මේ වගේ ඒවා අලුත්වැඩියා කරලා පාවිච්චි කරන්න පුළුවන් .
මේවාට තනිකර්මා වගකියන්න ඕනේ දේශපාලකයින්ටත් වඩා ඔය අමාත්‍යංශවල රාජකාරී කරපු නිලධාරී පැලැන්තිය
කඩාකප්පල්කරුවන් බලයේ සිටන බැවින් මෙවැනි ව්‍යාපෘතිවලින් පහසුවෙන් පල නෙලා ගත නොහැකිවනු ඇත.
ජේ.ආර්, චන්ද්‍රිකා, ජොලි සීයා, මයිනා, හිටන් ඔක්කොම මේවට වග කියන්න ඕනේ.
ලංකාවේ කොච්චර සම්පත් තියෙනවද? ඇයි රට දියුණු කරන්න කැමැති නැත්තේ...?
නව රජයෙන් මේ පිළිබඳව අවධානය යොමු කර ප්‍රයෝජන ගත්ත හැකි තත්ත්වයට පත් කළොත් එය රටට මහත් වූ ප්‍රයෝජනයක් වේවි