IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සෙසු ක්‍රීඩා සංවර්ධනයට ක්‍රිකට් සහය ඉල්ලයි

(යොහාන් භාසුර)

ක්‍රිකට් ක්‍රීඩාව හැර මෙරට අනෙකුත් ක්‍රීඩාවන් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ලබා ගැනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් පාසල් ක්‍රීඩා සංවර්ධනය සඳහා ද ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රිකට් ආයතනය ලෙඩාරිය සමග සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන්කර ඇති ක්‍රීඩාංගණ වඩාත් තිරසාර ලෙස වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳව හා සංචාරක ප්‍රවර්ධනය උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත හැකි ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.

වත්මන් ක්‍රිකට් ආයතනයේ යාන්ත්‍රණය පිළිබඳව හා පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා වූ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

 



අදහස් (0)

සෙසු ක්‍රීඩා සංවර්ධනයට ක්‍රිකට් සහය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි
2025 මැයි මස 06 12 0

පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන


පුතාගේ ආයුධ පහරින් පියා මරුට
2025 මැයි මස 06 445 0

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය


පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්
2025 මැයි මස 06 304 0

පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්


ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ
2025 මැයි මස 06 398 0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි


සබරගමුවේ සිද්ධියට තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට
2025 මැයි මස 06 438 1

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය


කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි
2025 මැයි මස 06 1011 1

කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 762 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site