
(මනෝ ප්‍රිය ගුණසේකර)
ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට කෙරෙහි අධි චෝදනා පත්‍ර භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම ක්ළේය.
ශල්‍යාගාර විදුලි ලාම්පුවක තිබිය යුතු අවම පිරිවිතර පටහැනිවන ආකාරයට ශල්‍යාගාර විදුලි ලාම්පු තිස්පහක් මිලදී ගැනීම සඳහා ආයතනයක් නිර්දේශ කිරීමෙන් විත්තිකරු අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන දූෂණය නැමැති වරද කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂම විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
මීට වසර නවයකට පෙර එනම් 2015 වසරේදී මෙම වරද කළ බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු සුභසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකුම ජරාව කන්නේ බොහෝ ආයතන වල ඉන්ජිනේරුවෝ සහ පරිගණක අංශ ලොක්කෝ.... සාමාන්‍ය අයට දිය නොහැකි භාණ්ඩ හා සේවා සැපැයීම පිණිස කරන නිර්දේශ කිරීම් සහ ඉදිකිරීම් පිණිස ගෙවීම් අනුමත හරහා... වසර කීපයකින් කඩාවැටෙන ගොඩනැගිලි හරියට වැඩ නොකරන පරිගණක පද්ධති මේවා රාජ්‍ය ආයතන, රෝහල්, ගොඩනැගිලි එහෙම ප්‍රසිද්ධ කරුණු... කැලණිය පැත්තේ රාජ්‍ය බැංකුවක මූලස්ථානයකුත් ගර්හිත තත්ත්වයේ පවතින බව කතාවක් තියෙනවා.
බරපතළ වංචා දුෂණ ගොඩක් කරන්නේ උගත් යැයි සම්මත පිරිසක් විමයි