
( බී.ජී. චතුරංග සහ රෝහණ චන්ද්‍රදාස )
හොරොව්පොතාන ,ඇලපත්වැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇඟට ගසක අත්තක් කඩා වැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ (16) මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ , ඇලපත්වැව, මොරකෑව හොරොව්පොතාන පදිංචිව සිටි ආර්.කේ. නෙසදු දුලාෂ් පෙරේරා නැමැති වයස අවුරුදු 5යි මාස 6ක පිරිමි දරුවෙකි.
මොරකැව ප්‍රදේශයේ පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම දරුවා පසුගිය 12 දා පෙර පාසල් අවසන් වීමෙන් අනතුරුව සෙල්ලම් කරමින් සිටියදී, ගසක අත්තක් කඩා වැටී අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.
එදින පෙර පාසල නිම වීමෙන් අනතුරුව පෙර පාසල් ගුරුවරිය දෙමාපියන් පිරිසක් කැඳවා, පෙර පාසලේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී, එම දරුවා ගල් කැට රැගෙන ඒ ආසන්නයෙන් සෙල්ලම් කරමින් සිට ඇති බවද දරුවාගේ මවගේ ප්‍රකාශ වල සටහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් කිරිකැටි පුතාට නිවන් සුව...