
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි අභියෝග කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජානක සේනාරත්න මහතා(ජා.ජ.බ) තමාගේ සියලු අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි වෛද්‍ය උපාධි සහතිකය, සීමාවාසික පුහුණු සහතිකය මෙන්ම වෛද්‍ය විද්‍යාව හා සැත්කම් කිරීම පිළිබඳ වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය පාර්ලිමේන්තුවේ සභාගත කරමින් මන්ත්‍රීවරයා මෙම අභියෝගය කළේය.
කාවින්ද ජයවර්ධන මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වෛද්‍ය යන නම සඳහන් කර තිබෙන බව කී මන්ත්‍රීවරයා ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවන අයෙකුට වෛද්‍ය ලෙස සඳහන් කරන්න හැකියාවක් නැතැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට විපක්ෂයත් නැති වෙයි වගේ. අනිත් අයගේ වැරැදි හොයන්න ගිහින් මේ අයටත් යන එනමන් නැති වෙලා.