
(මහින්ද නිශ්ශංක)
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් හය දෙනකුට රුපියල් ලක්ෂ හතක දඩ නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වැඩි මිලට සහල් අළෙවි කිරීම සම්බන්ධයෙන් මෙම වෙළෙඳුන්ට එරෙහිව අධිකාරිය මගින් නඩු පවරන ලදුව වරද පිළිගත් එම වෙළෙඳුන්ට දඩ නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
විමර්ශන නිලධාරීන් පසුගිය 10 දා සිට ඊයේ (16) දක්වා දීපව්‍යාප්තව සිදු කරන ලද වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 342 දෙනකු නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බවත් පවසන සභාපති හේමන්ත සමරකෝන් මහතා ඔවුන්ට එරෙහිව ඒ ඒ මහෙස්ත්‍රාත් අධිකරණ වලදී නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd