
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් මුදල් අමාත්‍යාංශය පියවරක් අනු ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඒ ගැන මුදල් අමාත්‍යංශයේ සැලකිල්ල යොමු වනු ඇතැයිද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී මුදල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.
එහිදී ගයන්ත කරුණාතිලක මහතා කීවේ ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහක් වැඩිපුර දෙන බවට සඳහන්ව තිබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුං ඉතින් ප්‍රතිපත්ති ප්‍රකශනයේ තිබ්බ ඒව යෑ දැන් කරන්නේ. කයිය නායකලා.
අතිශය සතුටට කාරණයක්. සිය ජීවිතයේ සැදෑ සමය ගත කරනා අපට දරුවන්ට බරක් නොවී අතේ ඇතති සොච්චම් මුදලට යැපිය හැකි මුදලක් ලබා දුනහොත් ප්‍රමාණවත්. සෞඛ්‍ය හා ආහාර පාන ටිකට වියදම් කර ගෘරවනීය ලෙස ජේ‍්‍යෂ්ඨ පුරවැසියාට ජීවත්වීමට පරිසරය සකස්කිරීමට ගන්නා උත්සාහයට මුලු මහත් ජේ‍්‍යෂ්ඨ පුරවැසි ප්‍රජාවේ ප්‍රණාමය.
කයියෝ කියන්නේ නිකන්ද? කියපු දේවල් එකක්වත් කරන්නේ නැහැ.