
ජේ.ඒ.එල්.ජයසිංහ
බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්පස්) සිසුවියෝ සිවු දෙනෙක් එම තරඟාවලියට සහභාගි වූ රටවල් 26 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ පැසිපික් ජාත්‍යන්තර රීදී සම්මානය හිමිකර ගත්හ.
එහි රන් සම්මානය හොංකොන් රාජ්‍ය දිනා ගත් අතර එහි ලෝකඩ පදක්කම පාකිස්තානය දිනාගෙන ඇත.
චීනය, ඉන්දියාව, පකිස්තානය, හොංකොන් ඇතුළු රටවල් 27ක් මෙම තරගයට සහභාගී වී ඇත.
සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ නිපැයුමක් වූ ෆ්ලෙක්සිමයින්ඩ් මෘදුකාංගය ( සොෆ්ට් වෙයාර්) හඳුන්වා දෙමින් කෞෂානී විජේසුන්දර ,විත්‍යා සංකවි ,ලෝචනී ජයවර්ධන සහ අරනි විජේරත්න යන මෙම සිසුවියන් සිවු දෙනා ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ සම්මානය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් මෙලෙස අත් කර ගෙන ඇත.
මීට උපදේශකත්වය ස්ලිට් ආයතනයේ ආචාර්ය දිල්ශාන් ද සිල්වා මහතා ලබාදුන්නේය. මෙම සිසුවියන් සිවු දෙනා නිර්මානය කළ මෙම මෘදුකාංගය නිර්මානය ශ්‍රී ලංකාවේ සියලු විශ්ව විද්‍යාල පරදවා ප්‍රථම ස්ථානයට පත්වීමෙන් පසු ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕක තමයි මහත්තයෝ, පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට එපා කියලා උද්ඝෝෂණ කරන්නේ තේරුණාද?
නියමයි.. කෙල්ලනේ..!