වැටුප් විෂමතා ගැන අහන්න ජනපති කාර්යාලය ’’දොරක්’’ අරී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා කැඳවීම ආරම්භ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි . 23 July 2024
දින දෙකක් ඖෂධ හලක මිනියක් තියාගෙන යාපනය නගරයේ ගන්ධාර්මඩම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ඖෂධහලක තුල දින දෙකක් තිස්සේ මළසිරුරක් තබාගෙන ඉන්පසු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි යපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 23 July 2024
රන්මිණිතැන්න බදු දෙන්න යයි මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 July 2024
බදු කඩිනම් කරන්න පනත සංශෝධනය කරයි බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 July 2024
රන් බඩු උගස් කළ අයට ආණ්ඩුවෙන් සහනයක් බැංකු වල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 July 2024
වේදනා නාශක මතට ඇබ්බැහි වූවන්ට අලෙවි කළ ස්ථානයක් වටලයි වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ලබාදීමට නොහැකි අධි වේදනා නාශක ඖෂධ ,මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන්ට අලෙවි කෙරෙන මාකොල ප්‍රදේශයේ ස්ථානයක් වටලා එහි සේවයෙහි නිරතව සිටි කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය සදහන් කරයි. 23 July 2024
කොරෝනා සිරුරු ආදාහනය කළාට රජය සමාව ඉල්ලයි COVID - 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 July 2024
ගින්නකින් අකුරැස්සේ විහාරස්ථානයක ඝංඝාවාසයක් විනාශවෙයි අකුරැස්ස ඓතිහාසික පොල්පිටිය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම සංඝාවාසය ගිණිගෙන විනාශ වී ඇතැයි පොලීසිය කියයි. 23 July 2024
පඩි වැඩි කරන පනත පාර්ලිමේන්තුවට 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම චේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 July 2024
බඹරු පාසලක් වහයි බඹර කූඩුවකට උකුස්සන් කෙටීමෙන් පසු බඹරු ඇවිස්සී පාසල් දරුවකු හා දෙමාපියන් කිහිප දෙනෙකුට දෂ්ට කිරීමෙන් මඩිතිියවල ප්‍රාථමික විද්‍යාලය අද( 23) වසා පාසල් දරුවන් නිවෙස් වලට යැවීමට පියවර ගත්තේය. 23 July 2024
කොලඑළිය කණිෂ්ඨයට අලි ප්‍රහාරයක් පල්ලමඉහල කොලඑළිය කණීෂ්ඨ විද්‍යාලය අද( 23) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් එහි ආරක්ෂිත වැට කඩා වනසා තිබේ. 23 July 2024
වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රියක කපා කොටා දැමු සිරුරක් තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට තිබියදී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. 23 July 2024
කේ. සුජිවා රෝහලෙන් පිටව යයි අතුරුගිරිය ටැටූ ආයතනයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 July 2024
කොටි සමයේ රන් හොයන්න ගිය ලුතිනන් එස් ටී එෆ් දැලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රත්ත්රං සොයමින් සිටි බවට සැක කරන යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 23 July 2024
බස්නාහිරට සබරගමුවට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 July 2024
ඡන්දෙට බඩු ගන්න කොමිසම ලංසු කැඳවයි මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 22 July 2024
ලෝක නායකයෝ විලාසිතා දැක්මක.... ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන්ගේ රුව යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විලාසිතා දැක්මක වීඩියෝවක් ටෙස්ලා සමාගමේ නිර්මාතෘවරයකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඊලෝන් මසක් ඔහුගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගත්තේය. 22 July 2024
ළමයින්ට එන්නත් දෙන්න ජපානයෙන් තෑග්ගක් ශ්‍රී ලංකාව පුරා සිටින ළමයින්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ 9 ක් ප්රදානය කෙරිණ. 22 July 2024
ජනපතිවරණය ගැන ජනපතිගෙන් යළි සහතිකයක් අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී තිබේ. 22 July 2024
විසි දෙක 26 මැතිසබයට? විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 22 July 2024
අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක් මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE Yoshifumi )මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය. 22 July 2024
ටැටු දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය ඇතුළු සැකකරුවන් හත් දෙනා සහ එම ඝාතනයට අනුබල දුන් බවට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකාරියක සමගින් අට දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) නි 22 July 2024
විසි දෙක ජනපතිවරණයට බලපෑමක් විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් නොකරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් වන නිසා එම උත්සාහය අනිවාර්යෙන් පරාජය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 22 July 2024
ඉන්දීය සාගර කලාප රැකවරණයට ඕස්ට්‍රේලියා සහය ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය. 22 July 2024
කෘෂි පොලී රහිත ණය දෙන ගිවිසුමට අත්සන් කරයි කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී අද (22)සිදු විය. 22 July 2024
ඇමැති ජිවන්ට අධිකරණයෙන් නියෝගයක් කැලණි වැලි සමාගමේ පීඩෘ කර්මාන්ත ශාලාවට පසුගිය මැයි මස 30 වැනිදා බලහත්කාරයෙන් ඇතුළුවන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා අද නියෝග කළේය. 22 July 2024
බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන රථවාහන ලීසිං සමාගමක අනුරාධපුර ශාඛාවේ විධායක නිලධාරියකු සිය නිවෙස බලා ගමන් කරද්දී බස් රථ දෙකකදීම නින්ද ගොස් යළි තවත් බස් රථයක් බලාපොරොත්තුවෙන් පාළු පෙදෙසක බස් නැවතුමක සිටියදී කොල්ලකරුවන් දෙදෙනකු පැමිණ ඔහුගේ ලක්ෂ 5ක් පමණ වටිනා රන් දම්වැල පැහැර ගෙන යාමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවේ. 22 July 2024
ධර්මාචාර්ය ගුරු සංගමය විරෝධතාවක ආගමික ගුරුවරු බදවාගැනිමෙදී වසර 5ක් කාලයක සිට සිදුවු අයුක්තියට වහා සදාරණය ඉටුකරදෙන ලෙස බලකරමින් ධර්මාචාර්ය ගුරු සංගමය බත්තරමුල්ල අධ්‍යාපන අමත්‍යංශය ඉදිරිපිට අද (22) නිහඩ විරෝධතාවයක් පැවැත්විය. 22 July 2024
කසල අංගනයට විරෝධයක් කුණ්ඩසාල ප්‍රාදේශිය සභාව මඟින් මහනුවර, දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය හේතුවෙන් හුස්ම ගැනීමේ හා ජීවත්වීමේ අයිතියද අහිමිකර ඇතැයි පවසමින් අලුත්වත්ත ප්‍රදේශයේ ජනතාව එම කසළ අංගනය ඉඳිරිපිටදී අද 22 දා උදෑසන විරෝධතාවයක නිරතවූහ. 22 July 2024
පොලිස් කොස්තාපල්ට මරණය ගෙනා ව්‍යාපාරිකයා පෝරකයට හබරන පොලිස් ස්ථානය ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් කොස්තපල්වරයකු වෑන් රථයක හප්පා මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර ව්‍යාපාරිකයකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා චූදිතයාට මරණීය දණ්ඩනය නියම කළේය. 22 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026