(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ පොළෙන් සියයට 45 කට වැඩි අස්වැන්නක් හිමිව තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය දිගින් දිගටම පවතින වර්ෂා තත්වය හේතුවෙන් අහිමි වෙමින් යන බව එම කර්මාන්තයේ නිරතවූවෝ දැඩි කනස්සල්ලෙන් පවසති.
පුත්තලමේ ලුණු නිෂ්පාදනයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකී.සියවස් ගණනාවක අතීතයට හිමිකම් ඇති පුත්තලමේ ලුණු කර්මාන්තය තරම් තවත් කර්මාන්තයක් ගැන පුත්තලමින් නෑසෙන තරම්ය.
පුත්තලමේ පොල් හා කල්පිටියේ කරවල වලින් නම් දරා සිටියද ලුණුවලට බැදි ඇතී අතිතය සුවිශේෂී වෙයි. ඒ තරමට පුත්තලම ගැන කියවෙන තවත් නිෂ්පාදනයක් නැති තරම්ය.
එතරම් සුවිශේෂ වටිනාකමක් ලබා දී තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය මෑතක් වන තුරුම රටේ සමස්ත නිෂ්පාදන දායකත්වයෙන් සියයට 45 කට වැඩි දායකත්වයක් දක්වා තිබිණි.
පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම,කල්පිටිය, වනාතවිල්ලුව,මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට අයත් ප්‍රදේශ රැසක කලපු තිරයන්ට සමීපව හෙක්ටයාර් 4000 පමණ භුමි ප්‍රමාණයක ලුණු කර්මාන්යේ 2000 කට අධික පිරිසක් නිරතව සිටිති.
ඒ සමගම මෙම කර්මාන්තයෙන් සෘජු හා වක්‍ර රැකියාවේ නිරත පවුල් සංඛ්‍යාව 20000 ඉක්මවති.
ශ්‍රී ලංකාවේ ලුණු පාරිභෝජන අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසකි.
එයින් මෙට්ට්‍රික් ටොන් හතළිස් හය දහසක නිෂ්පාදනයක් පසුගිය වසර වලදි පුත්තලම දිස්ත්‍රික්කයෙන් ලැබි ඇති බව පුත්තලම ලුණු සමාගමේ තොරතුරු වලින් සනාථ වෙයි.
කෙසේ වෙතත් මෙම තත්වය 2023 වසරින් පසු සියයට හතළිකටත් වඩා අඩු ප්‍රමාණයක් වාර්තා වන බව කර්මාන්ත කරුවෝ පවසති.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුත්තලමේ ලුණු වැස්සට දිය වෙයි
ජයනාත් Sunday, 15 December 2024 05:49 PM
ඔන්න ටෙලිෆෝන් එකට තව නිවුස් එකක්... දැන් රටින් ලුණුත් ගේනවා කියලා දැන් ම මයික් ඉස්සරහට යන්න...
Priyantha Dissanayake Sunday, 15 December 2024 10:16 PM
හරියට හරි හෙට අනිද්දාට ලුණුත් නැහැ සූදානම් වෙන්න, මෙතෙක් කාලයක් පුත්තලමට වැහැලා නැහැ. මේ ආණ්ඩුවේ බලමහිමෙන් වහිනවා, ලුණු හේදෙන්නම...
Nandalal de Silva - France Monday, 16 December 2024 03:15 PM
ලුණු අස්වැන්න නෙලා ගත් විගස එය වැස්සෙන් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාදාමයක් ගැනීමට බැරි අයද මෙවැනි ආයතනයක් කළමනාකරණය කරන්නේ? අපේ රටේ ලුණු පොල් කට්ටටත් මෙවැනි ගොබ්බයින් නිසා අබ සරණයි. දැන් ඉතින් පොල් සහ ලුණු නැතුව "පොල් සම්බෝලයක් හදාගෙන, කළුකඩෙන් ගන්න සහල් කිලෝවක් අරං කාලා ඉඳිමු !!! "ඔබට දැන් සැපද?"