
(අංජුල මහික වීරරත්න)
‘අග්බෝ’ වන අලියා අනුරාධපුර දිස්ත්රික්කයේ නාච්චදූව ඉහත්තෑව කැලෑ ප්රදේශයේදී ශ්රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව සොයා ගැනීමට හැකි වී තිබේ.
එම අලියා සොයා ගැනීම සඳහා මෙහෙයුමක් අද(19) ක්රියාත්මක කර තිබිණි.
පරිසර අමාත්යවරයා කළ ඉල්ලීමකට අනුව, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ උපදෙස් මත, වනජීවී නිලධාරීන්ට සහාය වීම සඳහා ශ්රී ලංකා යුද හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් මෙහෙයුමට යොදවන ලදී.
මෙහෙයුමේ ආරම්භක අදියරේදී යුද හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් යොදවා තිබූ අතර, සෙවීම් කටයුතු කඩිනම් කිරීම සඳහා පසුව එම භට පිරිස් සංඛ්යාව තවදුරටත් වැඩි කර තිබූ බව පරිසර අමාත්යාංශය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd