(අංජුල මහික වීරරත්න)
මොන වෘත්තීය කළත් මොන සහතිකය ගත්තත් සමාජයට වැදගත්ම දේ මනුස්සයෙක් වෙලා ඉන්න එක බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසීය.
දක්ෂතාවය,නිපුණතාවය සහිත මානවීය ගුණාංග වලින් හෙබි තාරුණ්‍යයක් නිර්මාණය කරගත යුතු බව ද අමාත්‍යවරයා කීය.
ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් පුහුණු මධ්‍යස්ථාන 10 ක සාර්ථක ලෙස පාඨමාලාව අවසන් කළ සහතික පත්‍රලාභී සිසුන් 1217 දෙනකුට NVQ level 4, NVQ level 5 සහ ඩිප්ලෝමා සහතික පත්‍ර ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙය පැවැත්විණි.
පොහොසත් රටක් නිර්මාණය කිරීමට වෘත්තීය දක්ෂතාවයෙන්, නිපුණතාවයෙන් යුක්ත මෙන්ම මානවීය ගුණාංග වලින් හෙබි යහපත් සංවේදී තාරුණ්‍ය ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සහතික වලට වඩා වටින්නේ මනුස්සකම
Perera Monday, 16 December 2024 12:57 AM
ඩිප්ලෝමා ගන්න අන්දන් ඉන්නේ උපාධි ලෝගු හිස් ආබරණ, ඔන්න ඔහොමයි ප්‍රශ්නයේ මුල
pj Monday, 16 December 2024 04:19 AM
බලය ලබා ගන්න මාර්කට් කළේ නම් මනුස්සකමට වඩා සහතිකවලවත් නැති උගත්කමක්....
ජගත් ලියනගේ Monday, 16 December 2024 06:10 AM
සහතික ඇත්ත. කොච්චර සුදුසුකම්, සහතික තිබ්බත් වැඩක් නැහැ ඔලමොට්ටල වැඩ සහ හොරකම් කරනව නම්
යෝගා Monday, 16 December 2024 06:28 AM
ඒක ඇත්ත. ඔය ටික බොරු සහතික ඉදිරිපත් කරපු මාලිමා මන්ත්‍රී නඩයට කියලා දෙන්න. මොකද, බොරු කීම සියලු පාපයන්ගෙන් නින්දිතම පාපයක් නිසා.
nanda Monday, 16 December 2024 06:32 AM
සහතික වලට වඩා වටින්නේ මනුස්සකම තමයි, ඒ වුණාට තමන්ට නොතෙමී සුදුසුකම් පෙන්වීම හොඳ දෙයක් නොවේ. අන්තිමට කවදා හෝ තමන් අපහසුතාවයට පත්වෙනවා එමගින්...!
පාඨකයෙක් Monday, 16 December 2024 09:15 AM
ඒ කියා තිබෙන ගතිගුණවලට එකතු විය යුතු තවත් වැදගත්ම ගුණයකි, දේශ ආලය. වත්මන් තරුණ තරුණියන් බහුතරයක් අතර නැති ම ගුණයත් එයයි. ඊට දෙමව්පියන් මෙන් ම අධ්‍යාපනය ක්‍රමය ද වගකීම භාරගත යුතුය. දෙමව්පියන් දරුවන්ට උගන්වන්නේ, "විදේශගතවී ධනය කන්දක් උපයන්න යනුවෙනි". ස්වාධීනව සිතීමට සහ විසඳුම් සෙවීමට සිසුන් යොමු කරන අධ්‍යාපන ක්‍රමයක් පාසල්වල නොමැත. එවැනි පරිසරයක් තිබෙන රටක ව්‍යවසායකත්වයක් ඇති වන්නේ කෙසේද? විජය කුමාරයා මෙරටට පැමිණි අවස්ථාවේදීත් කුවේණිය කපු කැටමින් සිටි නමුත්, 21 වන සියවසේ 24 වසරක් ගතවෙද්දීත් මෙරට සිසුන්ට නිල ඇඳුම් ලබා ගන්නේ වෙනත් රටවලින් ආධාර ලෙසිනි.
බකල ජයාMonday, 16 December 2024 11:00 AM
කතාව ඇත්ත, ඒකට ස්තූතියි.
pjMonday, 16 December 2024 12:06 PM
මෙම මහගු සේවාව අරම්භ කළ මනුස්සයාට නාකියා යයි අමන්ත්‍රණය කිරීමට තරම් මානවීය ගුණාංගවලින් හෙබි යහපත් තාරැණ්‍ය යොමු කළ මෙම නඩයට මෙවැනි බන දේශණා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත...
ජිල්බු Monday, 16 December 2024 02:28 PM
ආදරේට වෙන්න ඇති. තරහට නම් කියන්නේ වාසුදේව නානායක්කාර මහත්තයා කියපු දේ...!
බකල ජයා Monday, 16 December 2024 09:34 AM
නැති සහතික තියෙනවා කියන එක පිලිගන්න එක මාර මනුස්සකමක්
ජිල්බු Monday, 16 December 2024 09:36 AM
ඩිග්රි වලට දෙන්නෙත් නෑ / ඩිග්රි වලට ගන්නත් නෑ මනුස්සකම මිනිස්සුනේ / ආචාර්ය වික්ටර් රත්නායක මහතා.
Sarath Monday, 16 December 2024 09:42 AM
ඔව් ඔව්... එක එහෙමනම් ඇයි කතානායක තුමා සහතික නොපෙන්නුවේ පාර්ලිමේන්තුවේ
හර්ෂන විජේරත්න Monday, 16 December 2024 10:47 AM
මනුෂ්‍යයෙක් වෙලා උපත ලබන සෑම කෙනෙකු ළඟම අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණයක් මනුස්සකම. අද ඉහළ උපාධි අරගෙන ඉහළ තනතුරු දරණ ගොඩක් නිලධාරීන් ළඟ ඒ් ගුණය චුච්ටක්වත් නෑ. ඒ් උගත්කම සහ තනතුරු නිසා මහ පොළොවට උඩින් ඉන්න උත්සහ කරනවා. අධි මාන්නයෙන් ඉන්නේ.. උපාධි නැති, පහළ ශ්‍රේණිවල රැකියා කරන අයව වහලුන් වගෙයි සලකන්නේ... මේ ක්‍රමය රට පුරාම ව්‍යාප්ත වෙලා. මේ රටේ ජීවත්වෙන ගොඩක් ජනතාව ඉතාම දුප්පත්. ඒ නිසා ඒ් අයට තමන්ගේ දරුවන්ට ඉහළ උපාධියක් අරගෙන දෙන්න වත්කමක් නෑ. ඉගෙන ගන්න දරුවන්ගෙන් 10% වගේ පිරිසක් රජයේ විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නවා. අනිත් අයගෙන් මුදල් යහමින් තියෙන අය එයාලගේ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරලා ඉහළ උපාධි ලබාදෙනවා. ඒ සඳහා ලොකු මුදලක් වැය වෙනවා. හැම එකක්ම රුපියල් ලක්ෂ 10කට වැඩියි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ රටේ හැම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ. ඒත් ඒ දරුවන්ට ඒ සඳහා ගෙවන්න මුදල් නැහැ. ඒ සඳහා රජයේ අනුග්‍රහය ලබාදෙන්න ඕනේ. මේවා කරන්න රජයට මුදල් නෑ. මුදල් සොයාගන්නා ක්‍රම තියෙනවා. සියලු රට වැසියන්ට යහපත වේවා!!!
පිටරැටියා Monday, 16 December 2024 02:56 PM
කිසිම වරදක් නොකරන සුද්දවන්තයෝ කියලා හිතාගෙන ඉන්න අයත් කොමෙන්ට්ස් කරලා... මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරපු, කපටි කයිරාටික අය වගේම කිසිම විනයක් චාරයක් නැති මදාවියෝ, වගේ හැසිරුණු අයත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නේ...