මුදල් කන ජනමත විචාරණ එපා ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු සංශෝධනයක් මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වළකින්නැයි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය පවසයි. 21 July 2024
රනිල් යළි එනවාට ගම්පහින් කැමැත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත විය. 21 July 2024
දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේගේ වාර්ෂික තේවා පූජා මංගල්‍ය ,මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවය වෙත බාරදීම , තිබ්බටුවාවෙ ශ්‍රී සිද්ංධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක සහ වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක යන හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී අද සිදු කළහ. 21 July 2024
අධිවේගයේ අනතුරක්:පහකට තුවාලයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්න දුව අතර කිලෝමීටර් 92 ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 කු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි. 21 July 2024
රට ගිහින් ආවාම ගැම්මෙන් ඉන්න පුළුවන් රටක් හදනවා විදේශගත ශ්‍රමිකයන් සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබා දුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද ප්‍රකාශ කළේය. 21 July 2024
පෙරපාසල් ගුරුන්ට සහතික ප්රදානය “පූර්ව ළමාවිය අධ්‍යාපනය සහ ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය පිළිබද සහතිකපත්‍ර පාඨමාලාවේ” සහතිකපත් ප්රදානෝත්සවය ඩී.පී එඩියුකේෂන් නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැත්විණි. 21 July 2024
අතුරුගිරිය සිද්ධිය කත රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා මනුෂය ඝාතන දෙකක් හා සිවු දෙනකුට තුවාල කිරීමට අදාලව අත් අඩංගුවට ගත් සැකකාරියක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න මහතා අවසර ලබාදුන්නේය. 21 July 2024
අයිස් සමග මාට්ටු වූ සැකකරුට ඒඩ්ස් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 41 හැවිරිගේ පුද්ගකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශමගින් කළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව පොලිසිය කියයි. 21 July 2024
බලංගලාදේශයේ සිටින ලාංකික සිසුන් ආරක්ෂිතයි බංගලාදේශයේ ඉගෙනුම ලබන සිසුන් ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල නේවාසිකාගාරයන්හි ආරක්ෂිතව සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිලූක කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය. 21 July 2024
මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ නිවසේ ගින්නක් මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 21 July 2024
බංකොලොත් ව්‍යාපාර ගැන බලන්න නව පනතක් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 July 2024
වී ගෙට ගත් පසු මුං ඉපනැල්ලට යල කන්නයේ කුඹුරු වල වී අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇත. 21 July 2024
හවුති සටන් කාමීන්ට ඊශ්‍රායලයෙන් උත්තරයක් ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදා යේමන වරයාට එල්ල කළ ප්‍රහාරයෙන් තිදෙනකු මියගොස් තවත් 87 දෙනකු තුවාල ලබා ඇතැයි හවුති සටන්කාමීන් ප්‍රකාශ කළේය. 21 July 2024
දෙව්න්දර පෙරහරේ අලියෙක් කුලප්පුවෙයි දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි මහ පෙරහර වීඨී සංචාරය කරන අවස්ථාවේ දී අලියකු කුලප්පු වීමෙන් නරඹන්නන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 21 July 2024
කතරගම පා සෝදනය විවෘත කරයි කතරගම මැණික් ගගේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 21 July 2024
හම්බන්තොට අක්කර 2000ක කීරි සම්බා වවනවා ලබන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 2000ක කීරි සම්බා වගාව ව්‍යාප්ත කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 July 2024
සමිත්පුර කුඩු රොෂාන් ඝාතන සැලැස්ම වරදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමිත්පුර කුඩු රොෂාන් නැමැත්තා ඝාතනය කිරිම සදහා සූදානම් කළ බව කියන යතුරුපැදියක් සමඟ සැකකරුවන් දෙදෙනකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 21 July 2024
අතුරුගිරියේ වෙඩ්තැබිමට අනුබල දුන්නැයි කතක් අත්අඩංගුවට අතුරුගිරිය ටැටු මධ්‍යස්ථානය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 21 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 21 July 2024
ගල්කිස්ස දුම්රිය පාරේ බෝම්බ දෙකක් ගල්කිස්ස දුම්රිය මාර්ගය අසල තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ 2 ක් සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 21 July 2024
ජාතික ආරක්ෂක අමාත්‍යංශ හිටපු අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට අද(21 ) පැමිණෙමින් සිටි අසංක අබේගුණසේකර මහතා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ . 21 July 2024
අනතුරු තුනකින් තිදෙනෙක් මිය යති අනුරාධපුර, කැකිරාව සහ වහමල්ගොල්ලෑව යන ප්‍රදේශවලදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් කුඩා දැරියක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි. 21 July 2024
මැණික් සොයා මාඑළිය වනසලා කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි 11 දෙනකු නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර අත්අඩංගුවට ගෙන ඇත. 21 July 2024
හක්කපටස් පුපුරා කතක් රෝහලේ කුඹුරුපිටිය රක්ෂිතයේ දර කැඩීමට ගොස් හක්ක පටසක් යැයි නොදැන මවක් විසින් අහුලාගෙන ආ කුඩා පාර්සලයක් ලිහා බැලීමට යෑමේදී එය පුපුරා තුවාල ලැබූ කාන්තාවක් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් වි ප්‍රතිකාර ලබන බව කොච්චවේලි පොලිසිය කියයි . 21 July 2024
පළාත් පාලන ඡන්දෙට සල්ලි දුන්න නම් රට වැටෙනවා ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අද වන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැලැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 July 2024
කංජිපානිගේ ගෝලයෝ තුනක් මාට්ටු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන කාන්තාවක් හා පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 21 July 2024
තැන් කීපයකට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 July 2024
මොලපු ඔයේ දරුවෙක් අතුරුදන් හික්කඩුව , තොටගුමව මොලපු ඔයේ දිය නෑමට ගිය දරුවන් තිදෙනකු දියවැලකට අසුව ඇති අතර ඉන් දරුවක් අතුරුදන්ව ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. 21 July 2024
ගැමියන්ගේ දුක දැක වැවක් හදන යතිවරයාණෝ තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක ගලෙන්බිදුණුවැව අලියාවැටුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයෙන් අපට හමු විය. 20 July 2024
විදුලි රැහැනේ පැටලී කොහු ලොරියක් ගිනි ගනී කොහු තොගයක් රැගෙන එමින් තිබු විශාල ලොරියක් විදුලි රැහැනක පැටලීමේන් ගිනි ගැනිමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 20 July 2024
සජබ සන්ධානය ලබන සතියේ එළියට සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 20 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026