
(ගයාන් සූරියආරච්චි)
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීහු 150 දෙනෙක්ට උපාධි ප්‍රදානය කරනු ලැබූහ.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 18 පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට එම උපාධි පිරිනමන ලදී.
මෙම උපාධි ප්‍රදානෝත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්විණ.
එහිදී යුධ හමුදාවේ නිලධාරීන් 78 ක්, නාවික හමුදාවේ නිලධාරීන් 21 ක් සහ ගුවන් හමුදා නිලධාරීන් 26 දෙනෙක් එහිදී උපාධි ලැබූහ.
මීට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනෙගල් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රටවල විදෙස් නිලධාරීන් 25 දෙනෙක් ද උපාධි ලබා ගත්හ.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හා ගුවන් හමුදාපතිවරු ගෞරවනීය ආරාධිතයන් ලෙස මෙම උත්සවයට සහභාගි වූහ. ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් කපිල දොලගේ මහතා සම්භාවනීය අමුත්තන් පිළිගත්තේය.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, මාණ්ඩලික විද්‍යාලයේ හිටපු සේනාවිධායකවරුන්, විද්‍යාපීඨ සාමාජිකයින්, වෙනත් රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝද මෙම උත්සවයට එක් වූහ.

2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිවිධ හමුදා නිලධාරීහු 150 උපාධි ලබති