
(එච්.එම්.ධර්මපාල )
ගල්කිස්ස මුහුදු තීරයේදී ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් දෙදෙනකු සහිත බෝට්ටුවක් ඊයේ (12) රළ පහරකට හසුවී එය පෙරලීමෙන් එක් ධීවරයකු දියේ ගිලී මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
මෙලෙස අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ රත්මලාන, එස්.වීරසේකර මාවත,අරලිය නිවාස ඒ-ආර් හි පදිංචිව සිටි මුතුතන්තීරිගේ සුරංග ජයලත් නම් (52) හැවිරිදි ධීවර කාර්මිකයෙකි.
මෙම ධීවරයින් දෙදෙනා වැල්ලවත්ත රොක්සි ඇල මාර්ගයෙන් මුහුදට ඇතූලුවී ගල්කිස්ස දෙසට ගමන් කර එදින උදෑසන ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී එකවරම පැමිණි විශාල දියරලකට හසුවී පෙරලීමෙන් එක් ධීවරයින් දෙදෙනා මුහුදට වැටී එක් අයෙකු අතුරුදන්වී ඇති අතර, එක් ධීවරයෙකු පීනමින් ගොඩබිම දෙසට යමින් සිටිමින් අතවැනීම දුටු බෝට්ටුවක් දියඹට ගොස් එම පුද්ගලයා. බේරාගන ගොඩට රැගෙන එනු ලැබ ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd