
(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, මේ වන විට එම ප්‍රමාණය 300,162 ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි
පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙයයි.
මීට පෙර 2022 වර්ෂයේදී ශ්‍රමිකයින් 310,948 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ. 2024 වර්ෂයේ පිරිමි ශ්‍රමිකයින් 177,804 හා කාන්තාවන් 122,358 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
අදාල කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම සියයට 40.7ක් වන අතර පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් සියයට 60 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 දෙනෙකු විදේශ ගතවී තිබේ.
ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයටයි. එම ප්‍රමාණය 73,995 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 49,499 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියාපු බොරුවට ඉච්ඡා භංගත්වයට පත්වෙලා රට යනවා. යන බහුතරය ජෙබයියෝ...
රට ගොඩ නැගීමේ අවසානම බලාපොරොත්තුවද බොද වෙමින් යන නිසා ජනතාව ඉඡ්චා භංගත්වයට පත්ව ඇත.
අලුත් රජය ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් වීම සඳහා මේ අය ක්‍රියා කරන්නේ. ජයවේවා අපේ රට විරුවන්ට.
රට යන්න බැරිව ඉතුරු වෙන ජෙබයියෝ ඩිස්ලයික් දානවා.