
(යොහාන් භාසුර)
ලොව පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් 116 ක් ඉවත්කර ඔහුගේ ආරක්ෂාව බිඳවට්ටවා ඇති බවත් එතුමාගේ ජීවිතයට යම් අවදානමක් ඇති වුවහොත් වර්තමාන රජයේ වගකිවයුතු බවත් නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා අද (13) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා එසේ පැවසීය.
රටේ ජාතික ආරක්ෂාවට අංක එක ලැබිය යුතු වුවද ජාතික ආරක්ෂාව පිළිබඳව නිසි ඇගයීමක් නොකර ඒ පිළිබඳව විමර්ශනාත්මකව ගැඹුරු විග්‍රහයක් නොමැතිව ජාතික ආරක්ෂාව යටපත් කරන තීන්දු රාශියක් වර්තමාන ආණ්ඩුව මේ වන විට ගෙන ඇති බවත් උතුරු, නැගෙනහිර ස්ථාපිත කර තිබූ යුධ හමුදා කඳවුරු කිහිපයක් ඉවත් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව තුට්ටුවට මායිම් නොකර ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන වර්තමාන ආණ්ඩුව මාස තුනක පමණ කාලයක සිට මේ ආකාරයට කටයුතු කරන බව කී රවීන්ද්‍ර ජයසිංහිංහ මහතා ම්ලේච්ච ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යන්න මෙම ආණ්ඩුව අමතක කර ඇති බවද සඳහන් කළේය.
රජය මෙහෙයවන බටහිර සහ ඒ අවශ්‍ය කුමන්ත්‍රණකාරී බලවේගවල න්‍යාය පත්‍රයට ආණ්ඩුව ගමන් කරනවා යන්න මෙවැනි තීරණවලින් සනාථ වන බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ලෝකයේ පැවැති දරුණුම ත්‍රස්තවාදය අවසන් කරපු නායකයා බව වර්තමාන ආණ්ඩුවට මතක් කරදීමට අවස්ථාවක් කර ගන්නා බවත් පැවසීය.
එතුමාව රැකගැනීම රටක් විදිහට රටේ ප්‍රධාන වගකීමක් මෙනම එය දේශපාලන අර්ථයක් නොවන බවත් එතුමාගේ ජිවිතේ පිළිබඳව යම්කිසි කාරණයක තර්ජනාත්මක කාරණයක් වුනොත් වර්තමාන රජය එහි සම්පූර්ණ වගිකීම භාරගතයුතු බවත් ඒ මහතා කීය.
අනුර කුමාර ජනාධිපතිවරයාගේ මෙම ආණ්ඩුව මාස තුනට ඉෂ්ට කළ පොරොන්දු නොමැති බවත් වර්තමාන ආණ්ඩුව නිර්මාණය කිරීමට හේතු වූ බටහිර ඇතුළු විදේශීය බලවේග සහ දේශීය බලවේගයන්වල අවශ්‍යතා සහ වුවමනාව නිරූපණය වන පොරොන්දු රාශියක් පසුගිය මාස තුනකට ආසන්න කාලයක් ආණ්ඩුව ඉෂ්ට කළ බවත් නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරු රාජ්‍ය ආයතන රැසක් ඔවුන් යටතේ තබාගෙන සිටින්නේ යැයි විවේචනය කළ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රබලයන්ට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය ආයතන 94 ක් තමන් යටතේ තබා ගැනීම නොපෙනීම කණගාටුවට කරුණක් බවත් පසුගිය මාස තුනක පාලන කාලයක් තුළදි ජනතාවට දුන් මුලික බලාපොරොත්තු රැසක් ආණ්ඩුව බිඳවට්ටා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය නිමාකරන්න දේශපාලන නායකත්වය දුන්න නායකයා හැටියට ගරුත්වයක් තියෙනවා. නමුත්, දැන් ඉතිං බේරගන්න තියෙන්නෙ මැසි-මදුරු උවදුරකින් හෝ වෙනත් බෝ නොවන රෝගයකින් තමයි...
මේ වළ පයයි ගොඩ පයයි තියන මිනිහෙක් ගේ තව මොනවා ආරක්ෂා කරන්නඩ ද?
ත්‍රස්තවාදය පරාජය කෙරුවනම් තව ඉතින් ගෙදර නෝනට විතරනේ බයවෙන්න තියෙන්නෙ. ඒකෙන් ආරක්ෂා වෙන්න 60ක් ඇතිනේ.
ඒ එක්ක රටේ, ආර්ථික අහේනියටත් වගකියන්න ඕනෑ. ඔය මයිනා පවුල කියලා කිව්වා නේද ? ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්න.
පරාජය කළා නම් ඇයි බයවෙන්නේ? දැන් ත්‍රස්තවාදීන් නැහැනේ...
ගංවතුරේ ගහගෙන යන වෙලාවේ එල්ලෙන්න වැලක් හොයනකොට අහුවෙලා තියෙන්නේ දිරච්ච පිදුරු ගහක්... පව් නේද ඇත්තටම...?
පුද්ගලික ආරක්ෂාව දාගන්න.
මහින්ද රටේ සියළු ජීවිතවලට වගකිව යුතුයි. මොහුව අධිකරණයක් ඉස්සරහට ගෙනියන කල් තමයි රටම බලාගෙන ඉන්නේ...
මෙරට ජනයා පොදුවේ පිළිගැන්නවූ සත්‍යයක් වන පූර්ව කර්මවලටත් පවතින රජය වගකිව යුතුද?
ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය තුරන් කළේ ආරක්ෂක හමුදාවන් එහි මූලිකත්වය ගෙන ජීවිත පරිත්‍යායෙන් කටයුතු කළේ ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා, ඒ අනුව වරෙක ලෝකයේ හොඳම හමුදාපති නමින් හඳුන්වපු මහින්ද මහත්තයා ඊළඟ අවස්ථාවේ කැලෑ උසාවියේ නඩුඅහලා කැලෑ හමුදාව විසින් බලුකුක්කෙක්වගේ ඇදගෙන ගිහිල්ලා හිරබත් කළා. ඒ දරුණු අකුශලයේ දිට්ඨධම්මවේදණීය විපාකය ඉදිරියට විපාක නොදෙන්නේ කුමන සාධාරණ හේතුව මතද...? කිසිකෙනෙක් සිතුවේ නැහැනේ මේ තරම් ඉක්මනින් දේශපාලන පිටියෙන් රාජපක්ෂ නාමය සේදීයාවිය කියා...
පණ අදින, රට කාපු, මිනීමරු සෙකුරිටි බට්ටෝ සියගණනක් පිරිවරාගෙන හිටියේ රජෙක් වගේ. ඔය සිය ගානෙන් වැඩි ප්‍රමාණයක් කළේ මිනිහගේ වගා වැඩ (ඩ්‍රැගන් ෆ්රුට් වගාව), ගෙවල් සුද්ද කිරීම සහ කුස්සියේ ඉවුම් පිහුම්... අනිත් අයගෙන් සමහරු අනිවාර්යයෙන්ම චිචියා කියන මොලේ අමාරුකාරයාගේ බල්ලෝ බලාගැනීම. මොවුන් හමුදා භටයින් තබාගෙන හිටියේ තමන්ගේ වහල් සේවකයින් විදිහටයි.
කිසිම කෙනෙක් මහින්ද හිටපු ජනාධිපතිට කරදර කරන්නේ නැහැ. අනවශ්‍ය වියදම්. හොඳ තීරණයක්...!
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු හොඳට තිබුණු අපේ රට වලපල්ලටම ඇදලා දාපු, හිඟාකන තත්ත්වයකට පත්කරපු බලලෝභී, බඩගෝස්තරවාදී මහින්දලා රටටත්, ජාතියටත් වගකිව යුතුයි.
මෙයත් බැලයෙක්...?
තව ටික දවසක් ඉවසන්න බොස්, බන්ධනාගාර ගත කෙරුවාම ඉහළම ආරක්ෂාව ලැබෙයි හොඳේ...
අපි පිටරට ගිහින් හම්බ කරලා එවපු සල්ලි වලිනුයි හමුදාවේ දක්ෂ කමිනුයි යුද්ධය දිනුවා මේ මනුෂ්‍යයා ඒක විකුණාගෙන රටේ ගොබ්බයින් ඈඳාගෙන ප්‍රභාකරන්ට කරන්න බැරිවුණුදේ කරා. ආර්ථිකය වැට්ටුවා රට හිඟමනට දැම්මා. රට ලැජ්ජාවට පත්කරා සහ ප්‍රභාකරන්ගේ පැතුම් සියල්ල ඉටුකරා...
මට නම් හිතෙන්නෙම ඉතුරුවෙලා ඉන්න 60ත් වැඩියි කියලා.
ඔය නීතඥකම දෙන්න ළමයෙකුට..!
සෑම එක්කෙනෙක්ටම ආරක්ෂාව දෙන්න... එයාට විතරක් මොකටෙයි ඔච්චර.. අපිට වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් බේරෙන්න.
යුද්ධය කාලයේ සරත් ෆොන්සේකයි, හමුදාවයි... මයිනා බොරුමයි කළේ... මහින්දව ගෙදර එක්කගෙන ගිහිල්ලා හොඳට බලාගන්න.
මහින්දගෙන් හොඳට හම්බකරගත්තු කට්ටිය තවතවත් ඉස්සරහට එකඑක කතා කියයි.
මහත්තයෝ කිලුටු රෙදි හේදුවා ඇති. තවත් මොනවද බලාපොරොත්තු වෙන්නේ...
තාම හිතන් ඉන්නේ LTTE එක පැරැදෙව්වේ මෙයා කියලද අනේ... මේ මගේ යකා අවුස්සගන්න එපා.
අනේ ඕක මැරෙනවා නම් ආණ්ඩුව නෙමෙයි ලෝකෙම සතුටු වෙනවා..!
ඇත්තටම වෙන වැඩක් ඇත්තේම නැද්ද? හරියට අපට වැඩ නෑ වගේ.. මේ ගොබ්බ මන්තරේම මතුර මතුර කාලේ කනවා.. ඔලුවෙන් හිට ගත්තත් අපි මැද මුලින් හොරුන්ව වන්දනා කරන්නේ නෑ.. ඔච්චරම රුජාව නම් ගෙදර ගෙනිහින් කූඩුවක දාලා ඇති කරන එකයි ඇත්තේ.. අපේ බදු සල්ලි වලින් මගුල් නටන්න හදන්නේ නැතුව...!