
(බණ්ඩාර ජයරත්න )
බැම්මකින් ගලැවූ බව කියන සිමෙන්ති ගලකින් පහරදි මායින්නොළුව, පීල්ලගහහේන පාර, වරකාපොළ ප්‍රදේශයේදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වරකාපොළ පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ පීල්ලගහ හේන , තල්ලියද්ද, මායින්ඔළුව ප්‍රදේශයේ පදිංචි ඉලුක්සූරියගේ ගුණදාස නැමැති 62 හැවිරිදි විවාහක පුද්දගලයෙකු බවද පොලිසිය පැවසීය .
පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැක පිට ඝාතනය සිදුවු ප්‍රදේශයේ පදිංචි අයෙකු අත්අඩංගුවට ගෙන ඇතිබවද පොලිසිය පැවසීය .
මිය පුද්ගලයා බීමත්ව සිට ඇති අතර සිද්ධිය වූ ඊයේ ( 12) රාත්‍රියේ නිවසින් එළියට පැමිණ ටික වේලාවකින් පාර අයිනේ වැටි සිටින බවට තොරතුරුක් ලැබී මියගිය අයගේ පුතෙකු එම ස්ථානයට ගොස් බලීමේදී වැටී සිටින්නේ තමන්ගේ පියා බවට හඳුනා ගෙන පොලීසියට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd