IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ තුනක් මාට්ටු

(ගයාන් සුරියආරච්චි සහ සුසිල් ප්‍රියන්ත)

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි සංවිධානාත්මක අපරාධකුවකු වන කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ තිදෙනෙක් ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, කඩු 03 ක්, හෙරොයින් හා ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව, රනාල හා ගාල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29,33,45 පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

එහිදී කිසියම් අපරාධයක් සිදුකිරීමට සදහා සැකකරුවන් සන්තකයේ තබාගෙන සිටි ඉතාලියේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, මැගසින් 01 ක්, කඩු 03 ක්, හෑස් ඔයිල් ග්‍රෑම් 36 යි මිලි ග්‍රෑම් 10ක්, වියළි ගංජා ග්‍රෑම් 205 ක්, හෙරොයින් ග්‍රෑම් 16 මිලි ග්‍රෑම් 120 ක් සමග ජංගම දුරකථන 04 ක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මොවුන් සංවිධානාත්මක අපරාධකුවෙකු වන කරන්දෙණියේ සුද්දා යන අයගේ ගෝලයන් බවය.

මෙහි එක් සැකකරුවෙකු 2014 වර්ෂයේදී පෑනක් හැඩයට සකස්කරන ලද පිස්තෝල ගිණි අවියක් සහිතවද, 2020 වර්ෂයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02ක් සන්තකයේ තබා ගැනීමේ වරදට ද, 2022 වර්ෂයේ කටස් වර්ගයේ පිස්තෝල අවි 02 ක් සන්තකයේ තබාගැනීමේ වරදටද වරදකරුවී ඇති අතර ඔහු මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගයෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් දෙවන සැකකරු 2013 වර්ෂයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව මහා අධිකරණ නඩු 05ක් සම්බන්ධව විභාග වන බවට ද, තුන්වන සැකකරු කපුවෙකු ලෙස කටයුතු කරන බවටත් පුරා වස්තු කැණීම් කටයුතු සඳහා මන්තර ගුරුකම් කරන පුද්ගයෙකු බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා ගෝනපීනුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

 



අදහස් (0)

කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site