
(ගයාන් සූරියආරච්චි)
යාපනය මහාධිකරණයේ නඩුවක් සදහා රැගෙනවිත් අධිකරණ සිරමැදිරියේ රදවා සිටි රැදවියකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත යාපනය රෝහලට රැගෙනයමින් සිටියදී ඊයේ (12) මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නාවක්කුලිය අයියනර් කෝවිල් පාර පදිංචිව සිටි ආර්. චන්ද්‍ර කුමාර නොහොත් සින්නවන නැමැති (40) හැවිරිදි රැදවියෙකි.
මෙම රැදවියා සොරකම් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු බව පොලිසිය පවසයි.
මියගිය රැදවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබුණි.
යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd