
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් ගැන සඳහන් වීම එම තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ වරදක් බව පාර්ලිමේන්තු ප්‍රධානීන් අමාත්‍ය නානායක්කාර මහතාට කනගාටුව පළ කර ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ( සන්නිවේදන ) ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කරයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලියේ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් පහත කරුණු අවධාරණය කරමි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දෙන ලද සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබිණ. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලියේ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවකි.
ඒ අනුව එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පළ කරමි.
එසේම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු කරමින් පවතී.
මේ අතර එම පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සභානායක ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන්නේ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කිරීමේ කටයුතුවලට සභානායක කාර්යාලයේ කිසිම වගකීමක් නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමක් ගමක් හරියට ලියා ගන්න බැහැ. එක්කෝ අකුරු සාස්තරේ දන්නේ නැහැ. නැතිනම් සැලකිල්ලක් හෝ වගකීමක් නැහැ. හැබැයි කතාව නම් පිට රට තියන හංගපු සල්ලි හොයාගෙන ගේනවයි කියලයි...
රට පාලනය වෙන තැන නිලධාරීන්ට මෙවැනි වැරදි වෙනවානම්, අනෙකුත් රාජ්‍ය ආයතන කොහොමට හිටීවිද? අතපසුවීම් වෙන්නත් පුළුවන්, දිවේ-තොලේ නොගෑවී කණගාටුව පළකරන්නත් පුළුවන්...කරන්න ලේසියි... කෙරුවම පහසුයි...
මේක අතපසුවීමක් නොවෙයි. හිතාමතාම සැලසුම් කළ දෙයක්.. විශේෂයෙන්ම මෙතුමා අධිකරණ අමාත්‍ය ධුරයට සුදුසු පුද්ගලයෙක්. දිගු කාලයක පටන් නොනිසි වරප්‍රසාද ලබමින් සිටි තක්කඩි නිලධාරින් මේ රජය අපහසුතාවයට පත් කිරීමට විශාල වෙහෙසක් දරමින් සිටින බව පේනවා. කතානායකතුමා ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කළ යුතුයි. එසේ නොමැති නම්, තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි.
වැරැදි හඳුන්වාදීම මෙයා මුලදී දැක්කේ නැද්ද…? දැක්කොත් බුවා නැත්තම් එබුවා කථාව මතක් වෙනවා. මේවගේම ඩොලර් කුට්ටි, සන්තෝෂම්, කොමිස් කුට්ටිත් අනිත් අයට පෙනෙන කල් දැක්කේ නෑ වගේ ඉඳියිද ඉස්සරහට. දැන්මම ඇස් දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලාම වැඩ පටන් ගත්තොත් හොඳයි වගේ..
තවම ඉන්නේ පොලී මුදලාලිගේ ගෝලයෝ... ඔවුන් මළපොතේ අකුරක් දන්නේ නැති අයද? යාපාගේ නෑදෑයෝ වහාම අයින් කරන්න. ඔවුන් හිතාමතා මඩගහන්න මේ දේවල් කරනවද?