
(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොළපැලැස්ස මැදආර ප්‍රදේශයේ වෙල් යායක තම ගොයමට කෘමිනාශක ගසමින් සිටි ගොවියෙකු ඊයේ (12) සවස අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි .
අගුණකොළපැලැස්ස ප්‍රදේශයට ඇද හැලුණු දැඩි වර්ෂාවත් සමඟ ඇතිවූ අකුණු සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ අගුණකොළපැලැස්ස ,බිංකම, ඩී 11 ලිපිනයේ පදිංචි වහුම්පුරගේ දයා තිලකරත්න නමැති 65 හැවිරිදි ගොවි මහතෙකි.
මියගිය අයගේ දේහය තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd