
(සුජිත් හේවාජුලිගේ)
ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කතානායක අශෝක සපුමල් රන්වල මහතාට එරෙහිව සමගි ජන බලවේගය බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම අද (13) ආරම්භ කළේය.
සමග ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සි අලවතුවල අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා , චතුර ගලප්පත්ති , ජගත්විතාන සහ හර්ෂණ රාජකරුණා එම යෝජනාවට ඊයේ අත්සන් තැබූහ
යෝජනාවට සෙසු මන්ත්‍රීවරුන්ද අස්සන් තැබීමෙන් පසු එය කතානායකවරයාට බාරදීමට නියමිතය.
ආචාර්ය උපාධියක් ඇති බව හුවා දක්වමින් ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිතා කර ඇති හෙයින් ඊට එරෙහිව ජනතාවගෙන් විරෝධය එල්ලවන අවස්ථාවේදී නිහඬව සත්‍ය වසන් කිරීම හේතුවෙන් කතානායකවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව සමග ජන බලවේගය පවසයි.
එසේම මේ සම්බන්ධයෙන් සමග ජන බලවේගය පාර්ලිමේන්තුවේදීද ඉදිරි දිනවල ප්‍රශ්න කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කට්ටියට වැඩක් සෙට් වුණා.
මේක කළාම අපේ බඩුමිල අඩුවෙනවාද? ආර්ථිකය දුයුණු වෙනවද? එහෙනම් කමක් නෑ. ඉක්මණට ගේන්න.
සියලුම මන්ත්‍රීලගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න පනතක් ගේන්න ඉක්මණටම...
ඔබලාට ඔලුවක් ඇත්ද? මේ රටේ මින්සුන් කිහිප දෙනෙකුන් හෝ ඔබලාටත් ඡන්දයක් දුන්නේ නම් ඒ අනෙකකට නොව ඔබද මේ රටේ මිනිසුන්ට යහපතක් කරනු ඇතැයි සිතායි. රට ගොඩ නැගීමට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි සිතායි. මිනිසුන් වෙනුවෙන් යම් සේවයක් කරනු ඇතැයි සිතායි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ වෙනුවෙන් ජනතා බදු මුදලෙන් සමාන භාගයක් දෙසා බාන්නේය. ලැබුණු අවුරුදු පහ පිං පඩි කමින් නිෂ්ඵල ක්‍රියාවල යෙදමින් රටට වින කටිනවා යනු ඔබලාද ඡන්දය දුන් ජනතාවට කරනු ලබන්නේ ඉමහත් ද්‍රෝහිකමකි...
දැන් ඕකෙ හෙඩිම දාමු සජිත්ගේ ඕ ලෙවල් සහතිකය සෙවීම කියලා...
විපක්ෂයේ අඬන්නන්ට තව මාසයක් විතර ඕකෙන් ජීවත් වෙන්න පුළුවන්... හූ හූ...