ජනපතිවරණයට තැපෑල සූදානම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 22 July 2024
පොහොර සමාගම්වලට පොලු තබා තිබූ මිලියන 29000ක් ගෙවයි වසර ගණනාවක් පොහොර මිල දී ගැනීම වෙනුවෙන් පෞද්ගලික පොහොර සමාගම් වලට නොගෙවා තිබු රුපියල් මිලියන 29000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 July 2024
සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් පොලිස් නිලධාරීන් හා පොලිසියේ සම්පත් මැතිවරණ ප්රචාරක ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කළේය. 22 July 2024
තේ කොප්පවලට දමා කසිප්පු අලෙවි කළ හෝටල් හිමියා මාට්ටු මහනුවර මධ්‍යම වෙළඳ පොළ තුළ පවත්වාගෙන යන හෝටලයක තේ සහ සිසිල් බීම අලෙවි කරන මුවාවෙන් කසිප්පු අලෙවි කරමින් සිටියදී එම හෝටලයේ හිමිකරු සමඟ සේවකයෙකු කසිප්පු බෝතල් 08ක් සමග මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 22 July 2024
ජනපතිගෙන් විදෙස් රැකියා ආයතනවලට පොරොන්දුවක් මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 July 2024
රේගු පරිපාලන නිලධාරියාට පොලිස් ප්‍රහාරයක් කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය . 22 July 2024
සීගිරිය වනසන දේශපාලන කෙරුමෝ කවුද? සීගිරිය වන රක්ෂිතයේ ඇතැම් දේශපාලනඥයන් වරින් වර පුද්ගලයන් පදිංචි කරවීමෙන් එම රක්ෂිතයට හානි සිදුවෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත. 22 July 2024
නිරුවත් මළ සිරුරක් වගුරු බිමක කඳාන පොල්පිතිමූකලානේ වගුරු බිමක අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන පුද්ගලයකු ගේ නිරුවත් මළ සිරුරක් කඳාන පොලිසිය විසින් සොයාගනු ලැබීය. 22 July 2024
ඡන්ද අල්ලස් දඩය ලක්ෂ 10 යි ඡන්දයකදී අල්ලස් දීමේ වරදකට පනවන රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 10 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. 22 July 2024
ටැටු දුලාන් අධිකරණයේදී රහස් ප්‍රකාශයකට අවසර ඉල්ලයි අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටියේය. 22 July 2024
ජනාධිපතිවරණය වහාම ඉල්ලයි ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන කීපයක නියෝජිතයෝ රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (22) පෙරවරුවේ පැවැත්වූහ. 22 July 2024
ඇප ලැබුණු ඥානසාර හිමියෝ පන්සලට වඩිති අන්‍ය ආගමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද(22) නියෝග කළේය. 22 July 2024
අතුරුගිරිය වෙඩි තැබීමේ සැකකරුවෝ අධිකරණයට අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනා අද (22) දැඩි ආරක්ෂක රැකවල් මැද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 22 July 2024
හිරුණිකාට ඇප තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියකොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹමහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) ඇප නියම කළේය. 22 July 2024
ටයර් ගබඩාවක් ගිනි ගනී ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ ටයර් ගබඩාවක් අද (22) හටගත් හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි අඹගස්දොව පොලිසිය පවසයි . 22 July 2024
ජනපතිගේ සාර්ථකත්වය බලන්න බැරි අය නිකරුනේ කෑගහනවා රනිල් වික්‍රමසිංහ ජනපතිගේ සාර්ථකත්වය බලා සිටින්නට බැරි දේශපාලන කණ්ඩායම් වේදිකා ගානේ නැග මඩ ප්‍රචාර ගෙන යමින් බලය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 22 July 2024
ගුරුවරු අකුරට වැඩ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 22 July 2024
ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයාට වෙඩි කල්තබන ලද ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් අයෙකුට මිද්දෙනිය ජූලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී වෙඩි තබා ඇතැයි මිද්දෙනිය පොලීසිය පවසයි. 22 July 2024
බෑණාගේ යකඩ පොලු පහරින් මාමා මරුට බිරිඳගේ පියාගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන බෑණා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සයින්දමරදු පොලිසිය පවසයි. 22 July 2024
අම්මා සමඟ දරු දෙදෙනා දිය රකුසාට බිලි තිස්සමහාරාම ගල්වලක දියනෑමට ගොස් අතුරුදන් වූ දරු දෙදෙනාගේ සිරුරද අද (22) උදෑසන සොයාගත් බව පොලීසිය කියයි. 22 July 2024
පළාත් කිහිපයකට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 July 2024
බයිඩන්ට වඩා කමලා හැරිස් පරාජය කිරීම පහසුයි - ට්‍රම්ප් ජනාධිපති ජෝ බයිඩන්ට වඩා, කමලා හැරිස් ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඇය පරාජය කිරීම තමන්ට පහසුවක් වනු ඇති බව ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 22 July 2024
පක්ෂය සහ රට වෙනුවෙන් ගත් තීරණයක් තමන් ජනාධිපති සටනින් ඉවත් වීමට තීරණය කළේ තම ඩිමොක්රටික් පක්ෂයේ යහපත වෙනුවෙන් සහ රටේ යහපත වෙනුවෙන් යැයි 81 හැවිරිදි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. 22 July 2024
ජනපති සටනින් බයිඩන් ඉවත් වෙයි ඩිමොක්රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පවසයි. 22 July 2024
වැරදි වැඩක් කළ රේගු නිලධාරීන් ගැන පරික්ෂණයක් නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් රේගු පරීක්ෂණ කටයුතු සඳහා නවතා තිබියදී ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කළ නිලධාරීන් සිවුදෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 22 July 2024
දෙල්ගෙඩි පහරින් ආච්චි මරුට පුද්ගලික ආරවුලක් මත වටවන ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට දෙල් ගෙඩියකින් හිසට පහරදි ඝාතනය කළැයි 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි . 21 July 2024
පෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් කිරීම කල් යයි පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 21 July 2024
පුහු මතයට තැන දී පුංචි පුතුගේ දේහය එළු ගාලක තියලා හෘදබාධයකින් මියගියේයැයි කියන පිය රැකවරණය අහිමි නව හැවිරිදි පුතකුගේ මෘතදේහය එළු ගාලක තහඩුවලින් හා සාරිවලින් ආවරණය කර තැන්පත් කර තැබූ පුවතක් අරණායක සාමසර එළපිටිය ප්‍රදේශයෙන් අද වාර්තාවිය. 21 July 2024
අස්වැසුම ගන්න 450,000 ක් පෝලිමේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය අද නිවේදනය කළේය. 21 July 2024
සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවත දී පැවසීය. 21 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026