
(අංජුල මහික වීරරත්න)
අධිකරණය තීන්දුවකින් වැරදිකරු වූ අය පවා පාර්ලිමේන්තු යැවූ දේශපාලන සංස්කෘතියක් තිබූ රටක මන්ත්‍රීවරුන්ගේ උපාධිය ප්‍රශ්න කරන තරමට පුරවැසි මනස දියුණු වීම ගැන සතුටු වන බව අලුත් පියාපත් සංවිධානය පවසයි.
මාස කිහිපයකට පෙර අප පසු කර පැමිණියේ කල් ඉකුත් වු බෙහෙත් ගෙන්වූ දේශපාලකයින් රජ කළ දේශපාලන ක්‍රමයක් පැවති රටක් බව අමතක කළ යුතු නැතැයි ද අලුත් පියාපත් සංවිධානය කියයි.
පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර ජනතාව සමග සම්මුතියකින් කටයුතු කිරීමේ ආණ්ඩුවේ ප්‍රවේශය ඉතා අගය කර සිටින බව කී අලුත් පියාපත් සංවිධානය පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබියදීත් අසෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබදව තම සංවිධානය ප්‍රසාදය පළ කරන්නේ යැයිද කියයි.
මින් ඉදිරියට සියළු මහජන නියෝජිතයින්ට ජනතාව ඉදිරියේ සිය අවංකභාවට පෙන්වීමට සිදුවන බවද එම සංවිධානය ප්‍රකාශ කරයි.
මෙම මාධ්‍ය හමුව සදහා අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන නිර්මාණ වීරසිංහ, සුපුන් විජේරත්න, ඉර්ශාඩ් නියාස් මහත්වරු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ වෙනසක් නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ, ආපහු රට බේරාගන්න අප්පච්චිගේ (හරි කජු ආතාගේ) දෑත් ශක්තිමත් කරන්න කියලා ඉල්ලුවාම හැම ගමකම ඉන්න මදාවියෝ/හොරු/කප්පන් කාරයෝ ටිකව ආපහු සිලින්ඩර් බයියෝ ටික එකතුවෙලා පාර්ලිමේන්තු එවන හැටි බලාගන්න පුළුවන්...!
පම්පෝරි ජනක (තමන්ගේම නමින්වත් පෙනීසිටින්නට කොන්ද පණ නැති) දැනටමත් ලොකු ලොකු අයියලාට ඇපදීගෙන යන්නේ ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔය කියපු දේවල් කොහාටද කර කැවෙන්නේ කියලා.
හරි මෝඩ කතාවක් ඒක. ඒක තේරෙන්නේ නැත්තේ මුන්දැලාත් වහල්ලු තමයි...
අලුත් පියාපත් කියන්නේ අර ඒ කාලේ කිව්වේ අධ්‍යාපනේ කියන්නේ පියාපත් කියලා. ඒ විදියට හොර උපාධිද අලුත් පියාපත් කියන්නේ? ඊයා හැබැයි.
මෙයා කවුද?
ලෝකේ අවංකම ආණ්ඩුව කියලා ඇවිත් මාට්ටු වුණාම පරණ ආණ්ඩු වල වැරැදි අදින එක ගලේ පහරපු බළලගේ ප්‍රතිචාරය වගේ. විශ්වවිද්‍යාලවල හිටපු ජවිපෙ කට්ටිය ඉගෙන ගත්තේ නෑ. උද්ඝෝෂණ කරමින් නවක වදය දෙමින් ජනතා මුදල් නාස්ති කරමින් රට ආපස්සට ඇදපු ඒ කට්ටිය තමයි උගත්තු කියලා රටට බොරු කියලා ආණ්ඩුව හැදුවේ. ඒ ආපු සෙට් එකේ වැඩි හරිය එක්කෝ උපාධි සම්පූර්ණ නෑ, නැත්තන් හිටපු කතානායක වගේ බොරුකාරයෝ...!