IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජනය කළ ආයෝජකයන්ගෙන් සියයට 96 ක් සිය සුරැකුම් නව බිල්පත්වලට මාරු කිරීමට එකඟතාවය පළ කර අවසන් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසුවේය.

ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික ණය හිමියන්ගෙන් පුළුල් සහයෝගයක් ලැබී අවසන් බව යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

පුද්ගලික ණය හිමියන්ගෙන් මෙලෙස පුළුල් සහයෝගයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම වසර අවසාන වීමට ප්‍රථම අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් නමුත් ඊට පෙර එළැඹෙන 16 වැනිදා එය නිල වශයෙන් තහවුරු කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසුවේය.

පුද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන ඉදිරියට ගෙන යාමටද අත්‍යාවශ්‍ය කොන්දේසියක් විය.

ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික ණයද සාර්ථකව ප්‍රතිව්‍යුහගත කළ නමුත් එම ගිවිසුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකළේය.

 



අදහස් (0)

ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 845 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 209 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site