(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.
ජලාශයේ වාන් දොරටු පිහිටි ප්‍රධාන වේල්ල සමීපයේ මෙම මළසිරුර රැඳී ඇති බවත්, එම සිරුර මුණින් අතට වැටී ඇති බැවින් කාන්තාවකගේ ද, පිරිමි පුද්ගලයෙකුගේ ද යන්න නිශ්චිතව සොයා ගැනීමට අපහසුව ඇතැයි පොලිසිය කියයි.
ජලාශයේ අපද්‍රව්‍ය එකතු වන ස්ථානයේ අපද්‍රව්‍ය අතරේ රැඳී ඇති මෙම මළසිරුර සම්බන්ධයෙන් පොලිසිය නුවරඑළිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ගොඩ ගැනීමට නියමිතව තිබේ.
ජලාශයෙන් ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා මළසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බව පොලිසිය කියයි.
බදුල්ල වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය දිනා ගත්තේය. ජාතික ජනබලවේගය ලබාගත් ආසන ගණන 22කි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොත්මලේ ජලාශයේ මළසිරුරක්