IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ

(සුජිත් හේවාජුලිගේ )

කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තවමත් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නිල වශයෙන් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා ජනාධිපතිවරයාට බාරදීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  එම ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට යොමු කරනු ලැබිය යුතු බව  සඳහන්වේ.

සිය  ආචාර්ය උපාධියට අදාළව පැන නැගුණු අර්බුදය හමුවේ රන්වල මහතා කතානායක     ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ  නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඔහු කතානායක ධුරයේ කටයුතු කළේ මාසයකටත් අඩු කාලයකි.



අදහස් (8)

කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ

ජයනාත් Saturday, 14 December 2024 01:58 PM

පහුගිය ආණ්ඩුවල කවුරුවත් මේ විදියට වැරැද්ද පිළිගෙන අස් වුණාද...?

:       101       14

ගුණරත්න Saturday, 14 December 2024 03:20 PM

පහුගිය ආණ්ඩු කිසිවක ඔහෝම තක්කඩිකමක් කරපු අය හිටියේත් නැහැ. තමන්ට නැති සුදුසුකමක් කියාගෙන මිනිස්සු රවටා ඡන්දය ගත්තා. ඒක බරපතල වැරැද්දක්. ඔවැනි දෑ නොකරනවා කියලා තමයි මේ පක්‍ෂය ආණ්ඩුබලය ගත්තෙත්...!

:       14       80

pjSaturday, 14 December 2024 03:32 PM

අස්වුණාට තවමත් වැරැද්ද පිළිගෙන නැත...

:       6       66

Chathura Saturday, 14 December 2024 03:51 PM

ඒ ආණ්ඩුවල හොර උපාධි කාරයෝ හිටියේ නෑනේ මේ වගේ.... චාමර සම්පත්ලා පවා කිව්වා ඇත්ත.

:       11       52

Nandalal DE SILVA - FranceSunday, 15 December 2024 03:37 AM

ඔයාට මතක නැද්ද, මැදමුලන හොරුන්ට විභාගය ඒසී කාමරයක් ඇතුලේ ඉඳලා ලියලා... සහතික අරගෙන කළු ලෝගුව දමාගත් විදිහ...?

:       0       1

Shyam Saturday, 14 December 2024 10:06 PM

බයියන්ට මාර චූන්...!

:       1       0

Nandalal de Silva - France Saturday, 14 December 2024 10:20 PM

"ආචාර්ය " ආ-ශොක් සපුමල් රන්වල හිටපු කතානායක මහත්තයාගේ අස්වීමේ ලියවිල්ල තවම නොලැබීම කනගාටුවට හේතුවක් වෙන බව පැහැදිලිවම පෙනෙනවා. නිතරම වැඩ වර්ජන තිබෙන අපේ රටේ, තැපැල් බෙදන පියුම් මහත්වරුන්ගේ ස්ට්‍රයික් එකක් නිසා මේ ඇබැද්දිය සිදුවෙන්න ඇතැයි කියා මගේ සීයා කියනවා.

:       0       0

Panditha Sunday, 15 December 2024 04:14 PM

කතානායකගේ ලිපිය තවමත් ලැබෙන්න ක්‍රමයක් නැහැනේ... ඔහු එහෙම ලිපියක් ලියලා නැහැ. ආචාර්‍ය කෙනෙක් හැටියට උගත්කම ප්‍රදර්ශනය කරමින් කරලා තිබුනේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කිරීමක් නේද? එහෙම වුණාම අදාල මාධ්‍ය ආයතන වලින් ලිපියක් නොගියා නම් මහලේකම්ට ලිපියක් ලැබෙන්නේ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site