IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වියදම් වාර්තා නොදුන් ජනපති අපේක්ෂකයන් ගැන විමර්ෂණ

(රෝෂන් තුෂාර)

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පසුගිය ජනාධිපතිවරණයේදී  වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ ජනපති අපේක්ෂකයින් හත් දෙනකුට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට එරෙහිව  විමර්ශන ආරම්භ කළ බව වංචා  විමර්ශන කාර්යාංශය  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (13)  පැවසීය.

සරත් අසිත බණ්ඩාර,ආරියවංශ දිසානායක,පාක්‍ය සෙල්වම් අරියරත්නම්,චන්න ලලිත් වික්‍රමසිංහ,අර්ජනා රණතුංග,සරත් අතුකෝරල හා මාටින් සරච්චන්ද වීරවර්ධන යන පුද්ගලයින්ට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය කරුණු දක්වමින් පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් ප්‍රසාද් චින්තක කුලරත්න මහතා ඉදිරිපත් කළ පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව වංචාව විමර්ශන කාර්යාංශය කරුණු දක්වමින් පැවසීය.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පසුගිය ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් විසින් ජනාධිපතිවරණයේදී තමන් සිදුකළ වියදම් පිළිබඳව ඔක්තෝබර් මස 13 වනදාට පෙර  මැතිවරණ කොමිසමට වියදම්  වාර්තා  ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළේය.

අපේක්ෂකයින් හත්දෙනෙකු හා ඔවුන්ගේ නියෝජිතයින් එම වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් එය 2023 අංක 3 දරණ මැතිවරණ නියාමන වියදම් පනත යටතේ වරදක් බවත් එම නිලධාරින් දන්වා සිටි අතර වෙන වෙනම විමර්ශනක ගොනු හතක් අධිකරණයට ඉදිරිපත් කළේය.

මැතිවරණ නියාමන වියදම් පනත ප්‍රකාරව සැකකරුවන් වරදකරුවන් කළහොත් ඡන්ද අයිතිය අහිමිකර රුපියල් ලක්ෂයක දඩයකට යටත් කළ හැකි ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  පැමිණිලි පිළිබඳව විමර්ෂන පවත්වා එහි ප්‍රගතිය මාර්තු මස 14 වන දා ඉදිරිපත් කරන ලෙස ට  වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළේය . 



අදහස් (0)

වියදම් වාර්තා නොදුන් ජනපති අපේක්ෂකයන් ගැන විමර්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site