අතුරුදන් ධීවරයන් 6 ක් සොයා සෝදිසි මෙහෙයුම් හම්බන්තොට හා යාපනය ප්‍රදේශවලින් මසුන් මැරීම සඳහා මුහුදට ගොස් ඇති ධීවර යාත්‍රා දෙකක ධීවරයින් හය දෙනෙකු පිළිබඳව දින ගණනාවක් තිස්සේ කිසිදු තොරතුරක් හෝ පණිවුඩ හුවමාරුවක් නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. 20 July 2024
නැතිවූූ දුරකථනය ස්විස් කතට යළිත් ලැබෙයි ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට පැමිණ රංගිරි දඹුලු රජමහා විහාරය නැරඹීමට පැමිණ ගලක් මත අමතක වී ගිය ජංගම දුරකථනය බස් රථ රියදුරෙකු විසින් ඇයට ලබාදීමේ සිද්දියක් අද (20) දින පස්වරුවේ වාර්තා විය. 20 July 2024
22 ජනපති ඡන්දයට බාධාවක් නෑ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 20 July 2024
ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනි ගනියි පානදුර සිට නුවරඑලිය දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි අද (20) දින උදැසන හදිසියේ ගිනි ගෙන ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 20 July 2024
පොහොට්ටු අපෙක්ෂකයා ණය ගෙවිය හැකි කෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 20 July 2024
ජනපති අපේක්ෂකයන්ට තර්ජන ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත. 20 July 2024
අලි සබ්රි ඇප මත මුදා හරියි විවෘත වරෙන්තුවක් ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අද දින පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දික තෙන්නකොන් මහතා නියෝග කළේය. 20 July 2024
වත්කම් පෙන්වීම මගහැරි මන්ත්‍රී තිහකට අල්ලසෙන් අවවාද ලිපි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවවාදාත්මක ලිපි යොමු කර ඇතැයි වාර්තාවේ. 20 July 2024
ලුණුගලගම රක්ෂිතයේ ගින්නක් ලුණුගලගම කන්ද රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් මුලුමනින්ම විනාශවී ගොස් අධිබලැති වෝල්ට් 33000ක විදුලි කණු දෙකක් ගින්නෙන් පිළිස්සී විනාශ වී ගොස් ලුණුගලගම ගම්මානය අවට ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇතැයි ලුණුගල පොලිසිය අද (20) පැවසීය . 20 July 2024
මුදල් කමිටු වාර්තාවට මන්ත්‍රී 16කගේ කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදී ඇත. 20 July 2024
අනුර ජපානෙට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගියේය. 20 July 2024
අසිරිමත් ඇසළ පොහොය අදයි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන්වේ. 20 July 2024
ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක් විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා සද්භාවයෙන් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය. 20 July 2024
ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලිසිය කියයි. 19 July 2024
ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක ඇති විය. 19 July 2024
ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය. 19 July 2024
බසයක් පෙරළී 52ක් රෝහලේ යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් වන්දනාකරුවන් 52 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව මුතූර පොලිසිය පවසයි. 19 July 2024
බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. 19 July 2024
විසි දෙක ගැසට්ටුව පිටවේ විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. 19 July 2024
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක් ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි. 19 July 2024
අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (19)නියෝග කළේය. 19 July 2024
මහනුවර දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවලා කොළඹ කොටුව සිට මහනුවර බලා හෙට (20) පෙරවරුවේ ධාවනය කරන නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කිරීමට අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් බවත්කර ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. 19 July 2024
අ'පුරට භූ කම්පනයක් අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි. 19 July 2024
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ සල්ලි අධ්‍යාපනයට-සෞඛ්‍යයට පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 July 2024
හල්දුම්මුල්ල පයිනස් වගාවක ගින්නක් හල්දුම්මුල්ල නගරයට ආසන්න පයිනස් වගාවක අද (19)දහවල් සිට පැතිර යමින් පවතින හදිසි ගින්නකින් මේ වනවිටත් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි . 19 July 2024
කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක ඖෂධ ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රජයේ රෝහල්වලට හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් පසුගියදා ප්රදානය කළේය. 19 July 2024
ලොව පුරා තාක්ෂණික බිද වැටීම් ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්ෂේත්රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ බිඳ වැටීම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 July 2024
ට්‍රම්ප් මිණිපිරියත් මැතිවරණ වේදිකාවේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයේදී, ට්‍රම්ප්ගේ මිනිපිරිය කායි මැඩිසන් ට්‍රම්ප් ද වේදිකාවට පැමිණි, ට්‍රම්ප් පිළිබඳ ගුණ කථනයක් පැවැත්වීය. 19 July 2024
ආයෝජන අරඹන්න විදෙස් ව්‍යවසායකයින්ට ආරාධනා යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 July 2024
ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් කරනවා ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගැනීමට සූදානම් යැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය 19 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026