
(අංජුල මහික වීරරත්න)
දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා පැවසීය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී එරික් වොල්ෂ් මහතා මේ බව සඳහන් කළේය.
දූෂණය හා වංචාව වැලැක්වීම සඳහා කැනඩා රජයේ අත්දැකීම් ශ්‍රී ලංකා රජය සමග බෙදා ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමට හේතුව පැවති දේශපාලන සංස්කෘතිය බව පෙන්වා දුන් එරික් වොල්ෂ් මහතා වත්මන් රජය එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා උත්සාහය ඇගැයීමට ලක් කළේය.
ශ්‍රී ලංකා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරිං (Patrick Pickering)මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට, ජනතාවට යහපතක් කළ හැකි දැක්මක්, සැබෑ වුවමනාවක් ඇත්තේ වත්මන් ආණ්ඩුවට පමණකි.
ජනතාව උපරිම සහය දෙයි.. හේතුව ජනතාව දුෂිත මයිනාගේ පවුලම එක්ක ජම්මාන්තර වයිරයි... එක හොඳයි එතකොට තවත් උදව් කරාවි
තුන්වැනි පුරවැසියාගෙන් පටන් ගත්තොත් නරකද?