
(අංජුල මහික වීරරත්න)
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් කර තිබේ.
තොරතුරු කිහිපයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමින් සභාවට හෙට (20) පැමිණෙන්න යැයි පණිවිඩයක් එවා තිබෙන බව ජී.එල් පීරිස් මහතා මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්ය හමුවේදී අද පැවසීය.
2009 වසරේ විදේශ අමාත්යංශයේ සිදු කෙරුණු සාකච්ඡා පිළිබඳව තොරතුරු කිහිපයක් ලබා ගැනීමට අවශ්ය බව කියමින් මෙම කැඳවීම කර තිබෙන බව ද පීරිස් මහතා කීය.
කොමිෂන් සභාවේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම කරුණු අදාළ බව කියමින් කැඳවීම කර ඇතැයිද ජී.එල්. පීරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd