රට ගිහින් එද්දි උස්සල කෝටියක කප්පම් ඉල්ලලා කුවේට් රටේ සේවය කර මෙරටට පැමිණි පුද්ගලයකු නිවස බලා කුලී රථයකින් යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි සිව් දෙනෙකු බරන්දන හන්දියේදී ඔහු පැහැරගෙන ගොස් නාරම්මල ප්‍රදේශයේ පාළු නිවසක සඟවාගෙන සිටියදී විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බව පවසයි. 18 July 2024
ආර්ථික පනත විවාදය 25 රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළේය. 18 July 2024
‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. 18 July 2024
’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපතිගේ දඬුවම ලිහිල් වෙයි දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් නියම කළ බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම වසරක සිර දඬුවමක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය . 18 July 2024
19 පහළ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයට දෙකක් සැකපිට අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවත පදේශයේ විසූ හිටපු කිකට් කීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු ඊයේ (17) රෑ අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොල්වත්තේ ස්ථානගත කර තිබෙන ගාල්ල අපරාධ කොට්ටාසය කියයි. 18 July 2024
’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’ ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 18 July 2024
අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 July 2024
ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 18 July 2024
උතුරුමැද පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම් උතුරු මැද පළාතේ පාසල් වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 18 July 2024
ඥානසාර හිමිට ඇප බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 18 July 2024
සංශෝධන එපා: ජනපතිවරණයක් දෙන්න රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 July 2024
මාතර යටවෙන කුඹුරු වගානොකරන්න තීරණයක් නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇතිවන ගංවතුරින් යටවන කුඹුරු වල මින් ඉදිරියට වී වගාව ව්‍යාප්ත නොකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 18 July 2024
අල්ලස්ගත් සැරයන් අත්අඩංගුවට කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ගත්බව කියන වාංඇළ පොලිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 July 2024
පාසල් වෙලාවේදී ටිෂුන් කළ ගුරාට වැඩ වරදි පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක සිසුන් පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සිසුන් සදහා සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා පැවසිය. 18 July 2024
රන්- මුදල් සමඟ හොර යකදුරා අත්අඩංගුවට මළගිය ඥාතීන්ගේ දෝෂ පවතින බවට නිවැසියන් රවටා ආරූඪවී ශාන්තිකර්ම කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මුදල් සහ රන්භාණ්ඩ වංචාකළ යකැදුරෙකු බව කියාගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනාකමකින් යුත් රන් සහ ගෘහ භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 18 July 2024
අවුරුදු හතරේ දැරිය ළිඳට බිලි බුලත්කොහුපිට්ය කිරිපෝරුව ප්‍රදේශයේ වතු ගම්මානයේ සිට් වයස අවුරුදු හතර හමාරක කුඩා දැරියකගේ මළ සිරුරක් පාළු ළිදක තිබී සොයා ගත් බව රුවන්වැල්ල පොලීසිය කියයි. 18 July 2024
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: සුළං ඉදිරියටත් සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 July 2024
තිස්ස අත්තනායක රිය අනතුරක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි 18 July 2024
උපසම්පදා පිංකමට ගල් පෙරළයි කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි. 18 July 2024
බයිඩන්ට කොවිඩ් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය. 18 July 2024
ලෝක උරුමයක් වූ මහා වංශය පුස්තකය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී සිදු අද කෙරුණි . 17 July 2024
අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාලයේ වෙන්කර ඇති ස්ථාන දෙක වසර පහක් ගතවනතුරුත් එම කටයුතු සඳහා බදු ක්‍රමයට හෝ කුලී පදනම මත ලබාදීමට දුම්රිය බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ගත වූ කාලයේදී රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් වී ඇතැයි වාර්තා වෙයි. 17 July 2024
බදු පැහැර හැරී වැල්ලවත්තේ සමාගමකට සිතාසි භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (17) සිතාසි නිකුත් කරමින් නියෝග කළේය. 17 July 2024
ඔන්ලයින් ණය ගෙන පොලු තියලා කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මගින් කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීය. 17 July 2024
බස්නාහිර ලක්ෂ 50 සිටින සුවිසල් නගරයක් කරනවා බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 July 2024
ඇමැති බන්දුල ඇමැතිකම ඇපේට තියයි හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බවත් ඒ සියලු දේට වඩා වටින්නේ හෝමාගම ජනතාවගේ අභිමානය බැවින් තමන් දැඩි පියවරක් ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) සවස හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී පැවසීය 17 July 2024
ජල බිල අඩු කරන තීරණය ලබන සතියේ නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින අතර මෙම සතිය ඇතුලත ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. 17 July 2024
එජාපය මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂය අද (17) මැතිවරණ කොමිසමට ගොස් ඉල්ලා සිටියේය. 17 July 2024
බඹරු ඇන සිසුන් අටක් රෝහලේ පාසල් නිමා වි නිවස කරා යමින් සිටි පාසල් ළමුන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් ළමුන් 08 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය. 17 July 2024
හිරේදී අයි පී ගේ මූණ කැපූ රැඳවියාට ශරීර ඇපයක් අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකගේ මුහුණ තියුණු තලයකින් කපා බරපතල තුවාල සිදුකළ බව කියන බන්ධනාගාර රැඳවියාට රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇපයක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (17)නියම කළේය. 17 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026