
(අංජුල මහික වීරරත්න)
තෙත්බිම් සම්බන්ධ අන්තර් ජාතික රැම්සාර් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තෙත් බිම් සම්බන්ධ අන්තර් ජාතික සම්මුතිය හෙවත් රැම්සාර් සම්මුතියේ 15 වන පාර්ශ්ව කරුවන්ගේ සම්මේලනය 2025 ජුලි මාසයේ සිම්බාවේදී පැවැත්වීමට නියමිතව ඇත. එම සම්මේලනය සඳහා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව විසින් " තෙත්බිම් වල ස්වභාව ධර්මයේ හිමිකම් " සම්බන්ධ යෝජනාවක් කෙටුම්පත් කර ඇත.
එම යෝජනාව මඟින් සාමාජික රටවල් විසින් සිය රටවල පවතින තෙත්බිම් වල ස්වභාව ධර්මයේ හිමිකම හඳුනා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී යෝජනාව ශ්‍රී ලංකාව විසින් රැම්සාර් සම්මුතියේ 15 වන පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය වෙත ඉදිරිපත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුවේ ඇමැතිලා නම් රම්සා තෙත්බිම් ගොඩ කරලා ඉස්සෝ කොටු දාපු ඒකනේ කරේ. ගංවතුර වැඩි වුනෙත් ඔය හේතුව නිසාම තමයි.